Header Sinhala

09th May 2024 12:42:22 Hours

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික/උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, 1 බලකායෙහි ආරක්‍ෂක සහ පරිපාලන කටයුතු නිරීක්‍ෂණය කරයි

වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඒකේ රාජපක්‍ෂ ආර්එස්පී 2024 අප්‍රේල් මස 30 දින නිල සංචාරය නිරත වෙමින් මූලස්ථානයෙහි ආරක්ෂක සහ පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලූහ.

1 බලකායේ බලකාධිපති මේජර් ‍ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් වැඩ බලන අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික/උපකරණ මාස්ටර් ජෙනරාල් හා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සාකච්ජාවේ පළමු සැසි වාරය 1 බලකායේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවට අදාල කරුණු කෙරෙහිද, දෙවැනි සැසිවාරය වාරය පාලන හා භකාස කටයුතු කෙරෙහිද අවදානය යොමු කෙරිණි. ශාඛා දෙකටම අදාල ආරක්ෂක කටයුතු හා නිම නොවී පවතින පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ජා කෙරුණු අතර, එයට අදාල විසදුම් ලබා දෙන ලදී. මීට අමතරව ආරක්ෂාව, පුහුණු, පාලන සහ සැපයුම් කේෂ්ත්‍ර සම්බන්ද නිලධාරීන් සමඟ දැනුම සහ සාමාන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා වටිනා අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එම සාකච්ජාවන් අතර තුරදී, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂකවරුන්, 1 බලකායට අයත් පාබල සේනාංකවල හා බලසේනාහි මාණ්ඩලික නිලධාරීන්, ඒකක වල අණදෙන නිලධාරීන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ උපදෙස් හා මාර්ගෝපදේශ හුවමාරු කරගනු ලැබීය.