Header Sinhala

31st May 2024 08:36:56 Hours

පුත්තලම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බලපෑමට ලක් වු සිවිල් ජනතාවට 58 පාබල සේනාංකය මගින් සහය

නිරිත දිග මෝසමත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට මිලිමිටර් 100 ඉක්මවු තද වැසි ඇති විම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුරින් යට විය.එහිදි ගංවතුරින් බලපැමට ලක් වු ජනතාව වෙත පිසු ආහාර ලබා දීම සඳහා සහය ලබා දෙන ලෙස පුත්තලම ප්‍රාදේශිය ලේකම් තුමා විසින් ඉල්ලුම් කිරිමෙන් පසු 58 සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මඟපෙන්විම යටතේ 2024 මැයි 20 වන දින පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් වෙත පිසු ආහාර පැකට් 400 ක් සකස් කර භාර දෙන ලදී. ආහාර පිසිම සදහා අවැසි සලාක පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් 58 පාබල සේනාංකය වෙත ලබා දෙන ලදී.