Header Sinhala

13th June 2025 18:28:58 Hours

නිර්මල මාතා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සදහා

58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මියගිය රණවිරුවන් සිහිකොට පුත්තලම වනාතවිල්ලුව නිර්මල මාතා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 18 දෙනෙකු වෙනුවෙන් 2025.06.09 වන දින දිවා ආහාරය සහ වියලි සළාක මෙන්ම රෙදිපිළි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් හා ඔවුන්ගේ මානසික මට්ටම ඉහල නැංවීම හා ඵ්කකාරි ජිවිතයෙන් යම් මොහොතකට හෝ මිදීම සදහා කැලිප්සෝ සංගීත සාදයක් පවත්වන ලදි. ඵ් අනුව එම වැඩසටහන සදහා මෙම පාබල සේමු සේනාංකාධිපති තුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි/සෙසුනිලයින් සහභාගිවු අතර, සියළු දෙනාගේම සහභාගිත්වය හා කැපවීම මත ඵම වැඩසටහන සාර්ථකව නිම කරන ලදි.