Header Sinhala

14th July 2024 11:52:44 Hours

ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත 1 බලකායේ ගෞරවාචාර

1 බලකා මූලස්ථානයේ සිවුවන බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 2024 ජූලි මස 05 වන දින 1 බලකා මූලස්ථානයේදී පැවති උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියේය.

උත්සවය සමාරම්භය සනිටුහන් කරමින් 1 බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 53 පාබල සේනාංකය, 58 පාබල සේනාංකය, ගුවන් සංග්‍රාමික බලසේනාව,කමාන්ඩෝ බලසේනාව හා විශේෂ බළකා බලසේනා වල භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියක් පුද කළහ.

ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් 1 බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

1 බලකා මූලස්ථානයේ ප්‍රධාන පීඨිකාවේදී භටපිරිස් අමතමින් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම සිය කෘතඥතාවය පළකළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය සහ කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙසද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

උත්සවය සමාප්තියේ මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වූ අතර, භට පිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූවේය. මෙම අවස්ථාව සඳහා 1 බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.