රණවිරුවන්ගේ සේවය ඇගයීම සදහා තිළිණ ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපති තුමියගේ සංකල්පයකට අනුව සිංහ දිරිය පියස ව්‍යාපෘති මධ්‍යස්ථානයේ විවිධ ව්‍යාපෘති යටතේ රාජකාරී කරනු ලබන සෙසුනිලයින් හට සහ සිංහ සේවාවනිතා ශාඛාවේ කාර්යය මණ්ඩලය වෙත ඔවුන් විසින් සිදුකරන්නා වූ කාර්ය ඇගයීමට ලක්කරමින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තිළිණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සිංහ සේවාවනිතා ශාඛාවේ සභාපතිණී යමුනා අබේකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.04.10 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.




