Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th May 2025 15:27:29 Hours

සිංහ සේවා වනිතා ශාඛාව විසින් රණවිරුවන් උදෙසා ධර්ම දේශනාවක් පැවැත්වීම

සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිණී ඉදුනිල් ජයකොඩි මැතිණියගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් රොහාන් ජයකොඩි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් 2025 වර්ෂයේ යෙදී තිබූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව සුමධුර ධර්මදේශණයක් විචිත්‍ර ධර්ම කථික අතුරුගිරිය සීවලී අසපුව විහාරාධිපති පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේ විසින් 2025 මැයි මස 17 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රණවිරුවන් උදෙසා සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්/ නිළධාරී සහ සෙසුනිලයන් 300 ක් පමණ සහභාගි විය.

තවද මෙම අවස්ථාවේදී විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදුකරන ලදී.