Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසය

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සංස්කෘතික නර්ථන කණ්ඩායම

අභිමානවත් ශ්‍රි ලංකීය ජාතිය ඈත අතීත්යේ සිටම සංස්කෘතික දායාදයන් හා බෞද්ධ සංස්කෘතිය හා බද්ධ කරගෙන ඉදිරියට ගෙන ආ අතර එදා සිට පැවැති එක් එක් සංස්කෘතික අංගයන් දිනෙන් දින දියුණු කලා නිර්මාණ හාකලා කුසලතා බවට පරිවර්තනය වෙමින් දේශිය මෙන්ම විදේශිය නරඹන්නන් අමන්දානන්දයට පතකළහ.

ශ්‍රි ලංකීය නාමය ලෝකයා හමුවේ දිදුලවන්නට මෙසේ බිහිවවු සංස්කෘතික නැටුම් කණ්ඩායම් මට වරම් ලැබුණි. සම්ප්‍රදායට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේද සංස්කෘතික නැටුම් කණ්ඩායමක් ගොඩනංවීමට එවකට රෙජිමේන්තු අදිපතිතුමාගේ සහ ජේෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් පතා ක්‍රියා කළේය.

ඒ අනුව වසර 2009 නොවැම්බර් මස 4 වන දින රෙජිමේන්තු නර්ථන කණ්ඩායම සෙබළුන් 10 දෙනෙකුගෙන් යුක්තව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී ආරම්භ කරන ලදි.

සිංහ රෙජිමේන්තු සංස්කෘතික නර්තන කණ්ඩායම දැනට එක් නිලධාරියෙකු හා සැරයන්වරයෙකු ඇතුළු සෙසුනිලයින් 34 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් ලෙස රෙජිමේන්තුවේ විවිධ උත්සව අවස්ථා සදහාත්, ශ්‍රි ලංකාවේ පවක්වනු ලබන රාජ්‍ය උත්සව, විවිධ රටවලින් පැමණෙන ප්‍රභූවරැන් පිළිගැනීම, මංගල උත්සව හා පෙරහැරවල් ආදී කටයුතු සදහා ඔවුන් සහභාගී කරවනු ලබයි.

මෙම සංස්කෘතික නර්ථන කණ්ඩායම විවිධ අංගවලට අයත්

  • උඩරය චෙස්
  • රබන්
  • නාගරාක්ෂ
  • තේලමේ
  • හේවිසි
  • විවිධ ප්‍රසංග