කොළ කබා රෙජිමේන්තුව (Green Jacket)
රයිෆල් රෙජිමේන්තුවක් ලොව මුල්වරට පිහිටුවා ගන්නා ලද්දේ 18 වන සියවසේදීය. එවකට ඇමෙරිකානු රජයට එරෙහිව සටන්කල රතු ඉන්දියානු ගෝත්‍රකයින්ට මුහුණදීම සදහා 60 වැනි ඇමෙරිකානු රෙජිමේන්තුවට අයත් බළඇණි 4 ක් යොදවා ඇත. පසු කලෙක එම බළඇණි 4 ස්වාධින රෙජිමේන්තුවක් බවට පත්වු අතර, එය මහ රජුගේ රාජකීය රයිෆල් බළකා රෙජිමේන්තුව වශයෙන් නම්කර ඇත. රතු ඉන්දියානු ගෝත්‍රිකයින්ට එරෙහිව සටන් මෙහෙයවීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය විය.
මෙම රයිෆල් රෙජිමේන්තුව එයටම ආවේනික වු සුවිශේෂි ලක්ෂනවලින් හා සම්ප්‍රදායන්ගෙන් යුක්ත විය. එනම් වෙනත් රෙජිමේන්තුවලට වඩා ස්වාධීවව කටුයුතු කිරීම, සතුරා යටත් කිරීම වෙනුවට සම්පුර්ණයෙන්ම විනාශ කිරීම, ක්ෂනික ප්‍රහාර සදහා රයිෆලය සෑම විටම සුදානම්ව තබාගැනීම, පහරදීමේදි වෙඩිතැබීමට අමතරව යවුල් සහ රයිෆලය ද අවියක් ලෙස යොදා ගැනීම, භූමියට අනුව වෙස්වලා ගැනීම හා සැගවීම, වෙස්ගැන්වු නිළ ඇදුම් භාවිතය, ඉතා දිගු වාචික නියෝග වෙනුවට බියුගල් නලා හඩ සමගින් නියෝග නිකුත් කිරීම, පෙළපාලි හෝ රැස්වෙන ස්ථාන දැක්වීමට රෙජිමේන්තු වර්ණ නොගැනීම මේ අතර කැපී පෙනෙන ලක්ෂණයන් විය.
මෙම රෙජිමේන්තුවේ විශිෂ්ටත්වය, සාර්ථකත්වය හා ප්‍රතිඵලදායී බව නිරීක්ෂණය කර බ්‍රිතාන්‍ය යුධ හමුදාව නැපෝලියානු යුධ සමයේ එවැනි රයිෆල් රෙජිමේන්තුවක වටිනාකම කඩිනමින් අවබෝධ කරගෙන 95 වෙනි පාබල රෙජිමේන්තුව රයිෆල් බ්‍රිගේඩය යනුවෙන් බ්‍රිතාන්‍යයේදී ආරම්භ කරන ලදි. මෙහි සොල්දාදුවන් බොහෝ දෙනා අයර්ලන්ත ජාතිකයින් වුහ.
පරිසර වර්ණය සමග බෙහෙවින්ම සමීප වු නිළ ඇදුම නිසා ඔවුන් විශේෂ විය. ඔවුන් පරිසරයට මනාව ගැළෙපන තදකොළ පැහැති හමුදා නිල ඇදුමට කලු පැහැති බොත්තම් යෙදු අතර එම නිල ඇදුම් ඇදගත් සොල්දාදුවන් කොළකබා (GREEN JACKET) යන නමින් මදුන්වන්නට බ්‍රිතාන්‍ය වැසියන් වඩාත් ප්‍රියමනාප විය.
සාර්ථකත්වය හා ආකර්ෂණියක්වය නිසා එකල අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව තිබු මෙම නව රයිෆල් රෙජිමේන්තුවට ඇතුළත් වීම සදහා අයදුම්පත් හා ඉල්ලීම් ගලා එන්නට පටන්ගත් අතර, උසස් සම්ප්‍රදායන් හා පිළිවෙත්වලින් සපිරි මෙම කෙළකබා රෙජිමේන්තු සාමාජිකයෙකු වී තරුණ ශක්තිය පෙන්වීම, ගෞරවයට හා අභිමානය ලක්වීම ඔවුන්ගේ නොතින් ආශාව විය. 18 වන සියවස මුල් භාගයෙහි එතෙක් භාවිත කල —බ්‍රව්න් බේස්˜ නැමැති වෙඩි බෙහෙත් තු වක්කුව බාවිතයෙන් අත්හැරීමත් සමගම ඊට වඩා වැඩි තාක්ෂණයෙන් යුත් බේකර්ගේ රයිෆලය බ්‍රිතාන්‍ය යුධ හමුදා සෙබලුන්ට හදුන්වා දුන් අතර රයිෆල් රෙජිමේන්තුවට බැදෙන්නට ඉල්ලුම් කරන සාමාජිකයින් සංඛ්‍යාවද දිනේ දිනම වර්ධනය වන්නට විය. මේ නිසා ලුතිතන් කර්නල් ජෝන් මුවර් විසින් බ්‍රිතාන්‍යයේ —ෙෆා්න් ක්ලිෆ්— නැමැති ස්ථානයේ රයිෆල් රෙජිමේන්තු පහුණු පාසලක් ආරම්භ කිළේය.
පළමු හා දෙවන ලෝක යුද්ධවලදී සුලු අවි භාවිතයෙන් මහා බ්‍රිතාන්‍ය රාජ්‍ය සම්පත් ජිවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරදුන් මෙම රයිෆල් බ්‍රිගේඩයේ විවිධ ක්‍රියාකාරකම් හා දක්ෂතාවයන් පිළිබදව ආසියාතික රටවල ද අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව තිබිණි. මෙ වන විට බොහෝ යටත් විජිත රාජ්‍යයන් නිදහස් අරගල ජයගැනීම තුලින් ස්වකීය රටෙහි ස්වෛරීභාවය ඇති කර ගැනීමට උත්සුක වීම නිසා තම අණසක යටතේ පැවැති හමුදා විසුරැවා හැරීමට බ්‍රිතාන්‍ය පාලනයට සිදුවිය. නිදහස ලැබු එම රාජ්‍ය පාලකයෝ රටෙහි ජාතික අනන්‍යතාව වෙනුවෙන් තම රටෙහි ජනතාවගෙන් සැදුම්ලත් හමුදාවක් ඇතිකර ලිම කෙරෙහි උත්සුක වුහ. රාජ්‍ය පාලන ක්‍රමවේදයන්හි තිබු නොයෙකුත් අඩුපාඩු මත රට තුල විවිධ නොසන්සුන්කාරි තත්ත්වයන් ඇතිවන අවස්ථාවේ කැරලි මර්ධනයට හා රාජ්‍ය හා පොදු දේපල විවිධ විනාශකාරි ක්‍රියාවන්ගෙන් බේරාගැනීමට නව යුධ අවි ආයුධ ශක්තියෙන් යුතු යුධ හමුදා රෙජිමේන්තුවක අවශ්‍යතාවය එම රටවලට ඇති විය. ඒ වන විට ශ්‍රි ලංකා රාජ්‍ය පාලන කාර්යයන් හි ක්‍රියාකල බොහෝ උසස් පුද්ගලයන් යුධ සමයේ හමුදා සේවයේ තිරවී ඇති අයවලුන් බැවින් එම අවශ්‍යතාවය පිළිබද ඔවුන්ට පැහැදිලි අවබෝධයක් තිබුණි මේ අනුව ඔවුන්ගේ අභිප්‍රාය වුයේ සටන් පිළිබද නිපුණතාවයක් ඇති කොළකබා (GREEN JACKET) රෙජිමේන්තුවක් තුල බිහිකිරීමටය.
කෙළකබා රෙජිමේන්තුව ලෙස හැදින්වු බ්‍රිතාන්‍ය රයිෆල් බලසේනාවේ නිලධාරියෙකුගේ සේයාරුවක
එවකට ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් හා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ඩී ජයතිලක එම්බීඊ මෙම නව බළඇණියට නම් තැබීමේදී එය 3 වන ලංකා පාබල හමුදාව ලෙස නම් කිරීම අදහස් කලද එවකට අගමැති වු ගරැ එස්ඩබ් ආර්ඩී බණ්ඩාරණායක ශ්‍රීමතාණන් එය සිංහ රෙජිමේන්තුව ලෙස නම් කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එකල රටේ පැවැති පාලන තන්ත්‍රයට අනුකූලව සහ හෙළ සංස්කෘතිය විදහා දැක්වෙන් පරිදි ශ්‍රී ලංකිකයන්ට මහත් සේ අබිමානවත් වචනයක් වු —සිංහ˜ යන නාමය නමි තබන ලදි. ලංකා යුධ යුධ හමුදා නිත්‍ය බළසේනාවේ ප්‍රථම හා එවකට තිබු එකම රයිෆල් රෙජිමේන්තුව වු මෙය පාබල රෙජිමේන්තුවක් වු අතර, මෙහි සියලු ක්‍රියාකාරකම් චාරිත්‍ර වාරිත්‍ර ඇදුම් පැලදුම් ඝන සරඹ ආදිය එංගලන්තයේ ග්‍රීන් ජැකට් බළකායට අනුරූපවම විය. යුධ බූමියේ කැපී පෙනීම වැළකීම සදහා සිංහ රෙජිමේන්තුව වර්ණ භාවිත නොකල අතර, රට අභ්‍යන්තරයට ගැළෙපෙන පැහැය වන රට වෙරලු පැහැති නි ඇදුමත්, බොත්තම් නිල ලාංඡන සහ අත්වැසුම් කලු පැහැයෙන් ද යුතු විය. නිලධාරිහු කලු කලු පැහැති සෑම්බ්‍රවුන් හා සපත්තු භාවිතා කලහ.
අනෙකුත් පාබල හමුදා භටයන් 303 රයිෆලය පුද්ගලික අවිය රැගෙන යන අාකාරයට උරේ අවි නොකරන අතර, රයිෆල් රෙජිමේන්තු සෙබලුන් පසෙක අවි/සමාන්තර අවි යන ඉරියව්වලින් අවි භාවිත කරන ලදි. මෙය සිංහ රෙජිමේන්තු සාමාජිකයින්ට ඉතාමත් ක්ෂනික ක්‍රියාකාරිත්වයක් සදහා මහෝපකාරි විය. සිංහ රෙජිමේන්තු භටපිරිස්වලට ˜සීරුවෙන් සිටින්˜ වන විධානය, අවශ්‍ය නොවීය. රයිෆල් රෙජිමේන්තුවක් තම පුහුණුවීම් තුලින් ක්ෂණික සුදානමත් සැම මොහොතකදීම ජීවිත පරිත්‍යාගයෙන් සටනට අවතීර්න වීමත් මෙහි මුලික යුධෝපාය ක්‍රම සහ වීධින් අතරට ආරකෂා කර ගැනෙයි. එම නිසා රෙජිමේන්තුවේ හඩ නැගු පමණින්ම රෙජිමේන්තුව සටනට සැරසේ. ඒකක පදවි නාමය සදහන් කිරීම සීරුවෙන් ඉරියව්වට පැමිණීම ප්‍රමාණවත් විය. සිංහ සෙබලුන් සරඹ කිරීමේදී විනාඩායට පියවර 140 ක වේගයක් රදවා ගත් අතර, අනෙකුත් එකක සමල සරඹ කිරීමේදී විනාඩියට පියවර 120 ක් වේගයෙන් සරඹ කරති. විනාඩියට පියවර 180 ක වේගයෙන් හැල්මේ යාමට පුරැදුව සිටින සිංහ රෙජිමේන්තු සාමාජිකයෝ ගමනේදී හා නිසලව කෙරෙන අවි සරඹ වල විනාඩියට ඉරියව් 70 ක වේගයෙන් ලමන් කරති. සරඹ කරන අවස්ථාවන්හිදී රයිෆල් සෙබලා තම රයිෆලයට වැරෙන් නොගසන නිසා ඔහුගේ සරඹ ඉරියව් දරදඩු නොවන අතර, ඉතා කඩිසර වේගවත් බවත් ප්‍රදරෟශණය කරයි. මෙම කඩිසර බව රයිෆල් රෙජිමේන්තුවට පැවරෙන කාර්යයන් ඉතා විශිෂ්ට අයුරින් ඉටුකිරීම කෙරෙහි ඔවුන්ගේ කැපවීම හා ශක්තියේ උදරත්වය මෙන්ම විශ්මජනක බවද ප්‍රකට කරවයි.
කෙටි අණ වචනයෙන් කඩිසර ගමනින් අවි පරිහරණයෙන් හා ක්‍රියාකාකම් තුළින් වෙනස් ස්වරෑපයක් ගත් මෙම රෙජිමේන්තුව මේ නිසා සෙසු රෙජිමේන්තුවලට වඩා වේග රිද්මයකට උරැමකම් කියයි. වෙනත් රෙජිමේන්තුවලට වඩා වෙනස් වු සරඹ හා යුධෝපාය ක්‍රම සහ විධි පුහුණු කිරීම හා ප්‍රගුණ කිරීම තුලින් සිංහ රෙජිමේන්තු සෙබලුන් විදුලිය බදු වේගයෙන් ඇසිල්ලකින් පහර දීම, ක්ෂණිකව රැකසිට පහරදීම වැනි ක්‍රියාකාරකම් කෙරෙහි ආත්ම විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් වැඩි ප්‍රවණාතාවයක් දැක්වු අතර, මේ නිසා ලැබු නිර්භිත වේගවත් බවේ තෘප්තිය ඔවුන්ගේ අභිමානය විය.
සිංහ රෙජිමේන්තු උද්ධෘත පාඨය —නිර්භිත වේගවත්˜ යන්නයි. මෙහි සත්‍ය සනාථ කරමින් 1990 ජුලි මස 11 වන දින ත්‍රස්ථවාදීන් සමග බිහිසුනු යුද්ධයකට මුහුණු දී තම භට පිරිස් සහ කදවුර ආරක්ෂා කර ගනිමින් පරම වීර විභූෂණයෙන් ශ්‍රී ලංකා යුධ යහුදාවේ ප්‍රඨමයෙන්ම පිදුම් ලැබු නිලධාරියා ලෙස 3(සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් එස් යු එල්දෙනිය විය. 1991 ජුනි 14 වන දින ත්‍රස්වාදීන්ගේ බිහිසුනු ප්‍රහාරයකින් අලිමංකඩ කදවුර තම දිවි පුදා ආරක්ෂා කර ගනිමින් ශ්‍රි ලංකා යුධ හමුදාවේ පරම විර විභූෂණයෙන් ප්‍රථමයෙන් පිදුම් ලැබු සෙසුනිලයා ලෙස කෝප්‍රල් ගාමිණී කුලරත්න ද වසර 58ක අභිමානවත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසයේ නිර්භීත වීරත්වය තම උණුසුම් ලෙයින් ලක් දෙරණ මත පතිත කළ රණවිරුවෙකු ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වී ඇත.