59 වන යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රිඩා ශුරතාවලිය 2024.03.31 දින සුගතදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදි නිමාවට පත්විය.එහිදි රෙජිමේන්තු 25 ක් අභිබවා සමස්ථ ලකුණු 277 ක් ලබා ගනිමින් නොකඩවා දස වැනි වරටත් සමස්ථ තරගාවලියෙහි ශුරතාවය දිනා ගන්නා ලද අතර එහි ලකුණු 251 ක් ලබා ගනිමින් කාලතුවක්කු හමුදාව අනුශුරතාවය දිනා ගන්නා ලදි.
නව මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාර ගැනීම
ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 21 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 ජනවාරි 10 දින රෙම ශ්‍රිලවියාඉබ හිදි සුභ මොහොතින් රාජකාරි භාරගැනීම සිදු විය.
එහිදි කර්නල් ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් පිරිනැමිමෙන් පසු ආගමික වතාවත් සිදු කරමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
ඉන් අනතුරුව නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්නිලධාරින් හා සෙසුනිලයින් අමතන ලදි.
2023 වර්ෂයේ ශ්‍රිලවියාඉ බලකායේ ක්‍රිඩකයින් ලබාගත් ක්‍රිඩා ජයග්‍රහණ ඇගයිම පිණිස සංවිධානය කරන ලද දක්ෂතා ඇගයිමේ උත්සවයක් රෙම ශ්‍රිලවියාබ මුලස්ථාන කාර්යාල පරිශ්‍රයේදි ශ්‍රිලවියාඉබ බලකායේ බළකාධිපති මේජර් ජෙනරාල් එස්පිඒඅයිඑම්බි සමරකෝන් එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් මස 16 දින 0900 පැයට අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි..