Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

16th October 2023 08:30:00 Hours

ශ්‍රිලවියාඉබ ක්‍රිඩා ජයග්‍රහණ ඇගයිම

ශ්‍රිලවියාඉබ ක්‍රිඩා ජයග්‍රහණ ඇගයිම

2023 වර්ෂයේ ශ්‍රිලවියාඉ බලකායේ ක්‍රිඩකයින් ලබාගත් ක්‍රිඩා ජයග්‍රහණ ඇගයිම පිණිස සංවිධානය කරන ලද දක්ෂතා ඇගයිමේ උත්සවයක් රෙම ශ්‍රිලවියාබ මුලස්ථාන කාර්යාල පරිශ්‍රයේදි ශ්‍රිලවියාඉබ බලකායේ බළකාධිපති මේජර් ජෙනරාල් එස්පිඒඅයිඑම්බි සමරකෝන් එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් මස 16 දින 0900 පැයට අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි..

එහිදි චීනයේ පැවති 19 වන ආසියානු ක්‍රිඩා තරගාවලියේ මිටර් 400 x 4 සහය දිවිමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් මව්බිමටත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම මෙම රෙජිමේන්තුව වෙතත් කිර්තියක් අත්කර දුන් පහත නම් සදහන් ක්‍රිඩකයින් පැසසුමට ලක් තරන ලද අතර එම ක්‍රිඩකයින් හට මුදල් ත්‍යාග ලබාදි ඔවුන්ගේ සුව්ශේෂි දක්ෂතාවයන් ඇගයිමට ලක් කරන ලදි.

1. සෙ/එම්100032 බනි 11 කුමාරගේ එච්කේකේ.

2. සෙ/එම්101669 සැරයන් රාජකරුණා ආර්එම්ආර්එන්

3. සෙ/එම්101728 ලකෝ දේශාන් එච්විඩි.

ඉන් අනතුරුව 2023 අන්තර් රෙජිමේන්තු පිහිණුම් ශුරතාවය දිනාගත් කණ්ඩායම සහ 2023 අන්තර් රෙජිමේන්තු දියපන්දු තරගාවලියේ ශුරතාවය දිනාගත් කණ්ඩායම්ද මෙහිදි දක්ෂතා අගය කරමින් පැසසුමට ලක් කරන ලදි..

තවද 2023 අන්තර් රෙජිමේතු චෙස් තරගාවලියෙහි ශුරතාවය වසර පහකට පසුව මේජර් එම්කේසිකේ මොරගොඩ ශ්‍රිලවියාඉබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයෙන් යුත් ක්‍රිඩකයින් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමද අදාල උත්සවයට සහභාගි වු අතර ඔවුන් එහිදි දැක්වු දකෂතා අගයමින් පැසසුමට ලක් කරන ලද අතර මේ සදහා සහභාගි වු සියඵ ක්‍රිඩා කණ්ඩායම්හි ක්‍රිඩකයින්ගේ දක්ෂතා අගයමින් මෙම රෙම වෙතින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදි.

පසුව අවසාන වශයෙන් ක්‍රිඩා ඉසව් තුලින් ශුරතාවයන් ලබා ගනිමින් මෙම රෙජිමේන්තු නාමය බැබලු ක්‍රිඩා කණ්ඩායම් බළකාධිපති රෙම ශ්‍රිලවියාඉබ සමග සමුහ ඡායාරුප ලබා ගැනිමට කටයුතු කරන ලදි.