Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

25th April 2023 20:38:49 Hours

තරග ජයග්‍රහණ ලබා ගත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් හට ප්‍රශංසා

තරග ජයග්‍රහණ ලබා ගත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් හට ප්‍රශංසා

ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මග පෙන්විම මත 2023 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු ක්‍රිඩා තරගයන්හිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය නියෝජණය කරමින් සහභාගිවි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයීමට ලක් කරමින් 2023 අප්‍රේල් 25 වන අගහරුවාදා දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ඉතා උසස් මට්ටමේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන ලදි.

එහිදි පහත සදහන් ජයග්‍රහණ ලබාගත් ක්‍රිඩකයින් ඇගයිමට ලක්විය.

1. ශ්‍රිලවියාඉබ ස්කෝෂ් සංචිතය

• සෙ/629684 ලාකෝ බංඩාර පිජිඑන්ටි - 2022 අන්තර් රෙජිමේන්තු ස්කෝෂ් තරගාවලියේ විවෘත කේවල ඉසව්වේ දෙවන ස්ථානය.

• 2022 අන්තර් රෙජිමේන්තු ස්කෝෂ් තරගාවලියේ අනුශුරතාවය ශ්‍රිලවියාඉබ ස්කොෂ් සංචිතය දිනා ගන්නා ලදි.

2. ශ්‍රිලවියාඉබ කරාතේ සංචිතය

• 2023 අන්තර් රෙජිමේන්තු කරාතේ ශුරතාවලියේ වර්ණපටි අනුශුරතාවය ශ්‍රිලවියාඉබ කරාතේ සංචිතය විසින් දිනා ගන්නා ලදි.

3. ශ්‍රිලවියාඉබ පාපැදි සංචිතය

• 2023 ගුවන් හමුදා පාපැදි සවාරියේ ශුරතාවය යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර, එහි ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය ශ්‍රිලවියාඉබ බලකායේ ක්‍රිඩකයින් විසින් දිනාගන්නා ලදි.

එහිදී ආඥාපති මුලස්ථාන භකාස අණසක හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී ක්‍රිඩකයින් ඉදිරි තරගාවලි ජයග්‍රහණයන් වෙනුවෙන් දිරිමත් කිරීම උදෙසා ඔවුන් සමග සුහද පිළිසදරකට එක්වු අතර, එම අවස්ථාව සදහා වියාඉ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ජේඒආර්එස්කේ ජයසේකර යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා රෙම ශ්‍රිලවියාඉබ වැ:බ සේනාවිධායක කර්නල් පීඩිඑල්ඒසි සිරිසේන ආර්එස්පි එල්එස්සි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගිවිය. .