Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

29th March 2024 16:15:40 Hours

අන්තර් බළඇණි රගර් තරගාවලිය

අන්තර් බළඇණි රගර් තරගාවලිය

ශ්‍රිලවියාඉ බලකායේ බළකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව නිලධාරින් හා සෙසුනිලයින්ගේ ක්‍රිඩා කුසලතාවයන් ඔප්නැන්විම තුලින් සහජ දක්‍ෂතා ඇති ක්‍රිඩකයින් ශ්‍රිලවියාඉබ රගර් ක්‍රිඩා සංචිතය වෙත ඇතුලත් කර ගැනිම මෙන්ම කණ්ඩායම් හැගිම් වර්ධනය කරගනිමින් වියාඉ බලඇණි‚පුහුණු පාසල සහ වැඩපලයන් අතර සුහදශිලිත්වය වැඩිදියුණු කර ගැනිම සහ ඒකකාරිත්වයෙන් මිදිම යන කරුණු පදනම් කර ගනිමින් මෙම වර්ෂයේදි ශ්‍රිලවියාඉබ අන්තර් බළඇණි රගර් තරගාවලියක් 2024 මාර්තු මස 26 සහ 27 යන දෙදින තුලදි රෙම ශ්‍රිලංසංබ රගර් ක්‍රිඩාංගණයේදි පැවැත්වු අතර තත් තරගාවලිය මෙම රෙම අධික්‍ෂණය යටතේ සියළු සංවිධාන කටයුතු 1 ශ්‍රිලවියාඉබ වෙතින් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු සිදු කරන ලදි.

ඒ අනුව අන්තර් බලඇණි රගර් තරගාවලිය සදහා වියාඉ බලඇණි‚පුහුණු පාසල සහ වැඩපලයන් වෙතින් කණ්ඩායම් 14 ක් සහභාගි වි තරග වැදුනි .අනෙකුත් කණ්ඩායම් 12 අභිබවමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට 1 ශ්‍රිලවියාඉබ සහ 2(සෙව්) ශ්‍රිලවියාඉරෙ යන රගර් කණ්ඩායම් දෙපිල සමත්වන ලදි.

එහිදි අන්තර් බලඇණි රගර් තරගාවලියේ සමස්ථ ශුරතාවය ලකුණු 23 ට 0 වශයෙන් දිනා ගැනිමට 1 ශ්‍රිලවියාඉබ සමත්වු අතර එහි අනුශුරතාවය 2(සෙව්) ශ්‍රිලවියාඉරෙ වෙතින් හිමි කරගැනිමට සමත්වන ලදි.

තවද‚තරගාවලියේ පලග ශුරතාවය වෙනුවෙන් තරග වැදුනු 6 ශ්‍රිලවියාඉබ හා ශ්‍රිලවියාඉමුවැ(කටු) යන කණ්ඩායම් දෙක අතුරින් ශුරතාවය හිමිකර ගැනිමට ශ්‍රිලවියාඉමුවැ (කටු) සමත් වන ලද අතර‚ අන්තර් බලඇණි රගර් තරගාවලිය තුලදි දක්‍ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය දිනා ගැනිමට 1 ශ්‍රිලවියාඉබ රගර් කණ්ඩායමෙහි සෙ/629046 කෝප්‍රල් රංදික සිඒඑස් යන කොනොනි විසින් සමත්වන ලදි.