Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

3 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

අණදෙන නිලධාරි

ලුතිතන් කර්නල් එම්ඩීඑස්යූකේ වීරසිංහ යුඑස්පී පීඑස්සී


1949 ඔක්තෝබර් මස 10 වන දින ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව ආරම්භ කිරීමත් සමගම නිලධාරින් 01 ක් හා සෙසුනිලයින් 16 කින් සමන්විතවූ 1 වන ශී‍්‍රලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විනයාරක්ෂක කණ්ඩය 1 වන සේනාංකය පනාගොඩ හි ස්ථාපිත කර ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විනය උසස් මට්ටමකින් පවත්වා ගැනීම සඳහා කටයුතු කරන ලදී. උතුරු නැගෙනහිර ඊලාම් බෙදුම්වාදී අරගලය ඇරඹෙනවාත් සමගම 2 වන සේනාංකය රණසේවාපුර අනුරාධපුර හා 3 වන සේනාංකය පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ආරම්භ කිරීමත් සමග 3 වන සේනාංකය යටතේ 3 වන යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 1991.03.22 වන දින ආධාරක ඒකකයක් වශයෙන් 1 වන යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් වෙන් වී නිලධාරි 12 ක්හා සෙසුනිලයින් 178 දෙනෙකු ගෙන් යුතුව පල්ලෙකැලේ ප‍්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි අණදෙන නිලධාරි වශයෙන් ලූතිතන් කර්නල් ඒඅයිබී උනන්තැන්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද, මේජර් ඞීඞී අබේවික‍්‍රම දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද, කපිතන් සීඑස් ඇටිපොල විධායක අධිකාරි වශයෙන්ද පත් කරන ලදී.

3 වන ශ‍්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පල්ලෙකැලේ රාජකාරි කරනු ලැබු එම වකවානුව වන විට වර්ධනය වෙමින් තිබූ ඊලාම් බෙදුම්වාදී ජනවාර්ගික අර්බුදය මැඩ පැවැත්වීමට කි‍්‍රයා කිරීම සඳහා පල්ලෙකැලේ ස්ථාපිතව තිබූ 3 වන සේනාංකය 1992/01/30 දින එම ප‍්‍රදේශයේ සිට අම්පාර දක්වා පැමිණි අතර, එහිදී 3 ශ‍්‍රිලයුපොහේබ ඒකකයද සේනාංකය සමගින් අම්පාර දක්වා පැමිණ හාඩි කදවුරේ ස්ථානගතවී ශි‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට ආවේනික රාජකාරි ඉටුකරන ලදි. එම කාල වකවානුවේද 3 වන ශ‍්‍රිලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදීම සඳහා ලූතිතන් කර්නල් ඒඅයිබී උනන්තැන්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි වශයෙන්ද මේජර් ඞීඞී අබේවික‍්‍රම දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද කපිතන් සීඑස් ඇටිපොල විධායක අධිකාරි වශයෙන්ද කටයුතු කර ඇත

බෙදුම්වාදී ජනවාර්ගික අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින් නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත‍්‍රික්කයේ විවිධ ස්ථානයන්හි කොටි ත‍්‍රස්ථයන් විසින් සිදු කරනු ලැබූ ජීවීත හානි රජයේ දේපල විනාශ කිරිම් ජන ජිවිතය අඩාල කිරිම සදහා කරනු ලැබූ විවිධ වු ප‍්‍රචණ්ඩකාරි ක‍්‍රියා මැඩ පැවැත්වීම සදහා 3 වන සේනාංකය අමිපාර හි ස්ථාපිත කර එම කාර්්‍යය සිදු කිරිම තරමක් දුරට අපහසු බැව් හඳුනාගත් හමුදා මුලස්ථානය විසින් එම සේනාංකය අම්පාර සිට මඩකළපුව වෙත රැගෙන ගොස් කච්චේරි භූමියේ ස්ථාපිත කර ඇත. එසේ 3 වන සේනාංකය අම්පාර සිට මඩකළපුව ප‍්‍රදේශයට රැුගෙන යාමත් සමගම ඒ යටතේ තිබූ 3 වන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායද අම්පාර සිට මඩකළපුව වෙත රැගෙන ගොස් මඩකළපුව වේබර් ක‍්‍රීඩාංගනය අසල පැරණි මාතෘ නිවාස ගොඩනැගිලි සංකීර්ණයේ සථාපිත කරන ලදී. මෙම ඒකකය මගින් 69 හන්දිය (මහඔය), මඩකලපුව, වැලිකන්ද ත‍්‍රි/මලය, මින්නේරිය යන විනයාරක්‍ෂක කණ්ඩායම්/අංශයන් පාලනය කරන ලදි.

3 වන රෙජිමේන්තුව - ශි‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය යටතේ විනයාරක්‍ෂක කණ්ඩායම් වශයෙන් වැලිකන්ද, මඩකලපුව, අම්පාර හා ති‍්‍රකුණාමලය ද, විනයාරක්‍ෂක අංශයන් වශයෙන් මාදුරුඔය, මින්නේරිය හා දෙහිඅත්තකණ්ඩිය යන ස්ථානයන්හි ස්ථාපිත කරමින් විශාල ප‍්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි ඉටු කරන කාලය තුල 3 වන සේනාංකය මඩකලපුව ප‍්‍රදේශයේ සිට මින්නේරිය ප‍්‍රදේශය දක්වා පැමිණීමට කටයුතු සූදානම් කරන වකවානුවේදී 3 වන රෙජිමේන්තුව ශී‍්‍රලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායද මින්නේරිය ප‍්‍රදේශය වෙත පැමිණීමට අවශ්‍ය බැව් හඳුනාගත් අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් පී උඩුගම්පල යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඒ සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම සඳහා එම ප‍්‍රදේශයට ගොස් සොයා බැලීමට වැලිකන්ද විනයාරක්ෂක කණ්ඩායමේ නිලධාරි අණදෙන වශයෙන් රාජකාරි කල කපිතන් ඒපීඉසෙඞ් අබේසේකර යන නිලධාරි හට උපදෙස් ලබාදීමෙන් පසු එම නිලධාරි විසින් ගිරිතලේ ප‍්‍රදේශයේ සුදුගල් කන්ද භූමිය සුදුසු බවට තෝරා ගනිමින් ඒ බැව් අණදෙන නිලධාරි වෙත දැනුවත් කරන ලදී. පසුව අණදෙන නිලධාරි වන ලූුතිතන් කර්නල් පී උඩුගම්පල යන ජේ්‍යෂ්ඨ නිලධාරි දෙවන අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන ලද මේජර් එස්පීඒකේ සියඹලාපිටිය, මේජර් කේයු ජයනෙත්ති, කපිතන් ඒසීඒ ද සොයිසා, කපිතන් (උපා) එච්යු ජයතිස්ස යන නිලධාරින් හා සෙසුනිලයින් කැපවීමෙන් ක‍්‍රියා කිරිම මත පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගිරිතලේ ප‍්‍රදේශයෙන් නව ඉඩම් කොටසක් නිත්‍යානුකූලව 3 වන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත පවරා ගනිමින් එම භූමියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. එමෙන්ම නොයෙකුත් දානපතියන්ගේ නොමසුරු දායකත්වය ඇතිව යුද්ධ හමුදා පොලිස් රෙජිමේන්තුවට ඉතාමත් වටිනා සම්පතක් වු ”සුපර් ස්කාලට්” නමින් නම් කරන ලද සියලූ සංගීත භාණ්ඩයන්ගෙන් යුත් සංගීත කණ්ඩායමක් බිහිකිරීම සදහා පුරෝගාමීව කටයුතු කරන ලද අතර, ප‍්‍රාදේශීයව සපයා ගන්නා ලද අමුද්‍රව්‍ය යොදා ගනිමින් කටුමැටි වලින් නිර්මාණය කරන ලද ඉතා අලංකාරවත් ගොඩනැගිල්ලක් ගිරිතලේ වැව් තාවුල්ල ඉදිරිපිට ඉදිකර එය ”ඞී‍්‍රම් ලෑන්ඞ්” නමින් හදුන්වා දෙන ලදී. තවද එම ස්ථානයට යාබදව කුඩා ළමුන්ගේ ක‍්‍රියාකාරකම් සදහා ළමා උiානයක්ද නිර්මාණය කල අතර ඒකකය තුල මැටියෙන් තාවකාලිකව ගොඩනගන ලද අවිගාරයක්ද, කාර්ය භාර නිලධාරි කාර්යාලයක් හා සංඥා මැදිරියක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.

3 වන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ ස්ථාපිතව රාජකාරි කරන වකවානුව තුල එවකට යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති හා ශී‍්‍රලයුපොහේබ කර්නල් සේනාවිධායක බි‍්‍රගේඩියර් එස්අයිඑස් දසනායක හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒබී තෝරදෙනිය ඇතුලූ සියලූු නිලධාරින්ගේ සංකල්පයකට අනුව අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි කල ලූතිතන් කර්නල් පි උඩුගම්පල යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත එවකට ශ‍්‍රිලයුපොහේබ සියලූ සාමාජිකයින්ගේ මුල්‍යමය පරිත්‍යාගයෙන් හා ශ‍්‍රම දායකත්වයෙන් යුතුව ගිරිතලේ වැව් තාවුල්ලේ බුදු පිළිම වහන්සේ නමක් ඉදිකර මේජර් ජෙනරාල් කේඒඑමිජී කුලරත්න යුඑස්පි යන ජේ්‍යෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි එවකට යුද්ධ හමුදාධිපතිව සිටි ලූතිතන් ජෙනරල් ආර් ද එස් දලූුවත්ත ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඞීසී පිඑස්්සී යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තනතුර හෙබවු මේජර් ජෙනරාල් සීඑස් වීරසූරිය 23 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුර හෙබවු මේජර් ජෙනරල් ජානක පෙරේරා යන ජේ්‍යෂ්ඨ නිලධාරින් ද ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් හා තවත් විශේෂ ප‍්‍රභූවරුන් ගේ සහභාගීත්වයෙන් සියලූ ලක්වැසි බෞද්ධ ජනතාවගේ වන්දනාමානය කිරිම පිණිස උත්සවශ‍්‍රියෙන් නිරාවරණය කරන ලද

සෑම ශ‍්‍රිලයුපොහේබ සාමාජිකයෙකු හටම දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි රාජකාරි කිරිෙමි අවස්ථාව ඇති කරලීෙමි රෙජිෙමින්තු මධ්‍යස්ථාන සංකල්පයකට අනුව 1, 2, 3 ශී‍්‍රලයුපොහේබ ඒකකයන් අවුරුදු දෙකකට වරක් ස්ථාපිත ප‍්‍රදේශයන් අතර මාරු කරලීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාවට නංවමින් 1999 වර්ෂයේ අග භාගයේදී ගිරිතලේ ස්ථාපිතව තිබු 3 ශ‍්‍රිලයුපොහේබ ඒකකය කොළඹ ප‍්‍රදේශයටත් 1 ශ‍්‍රිලයුපොහේබ ඒකකය ගිරිතලේ ප‍්‍රදේශයටත් ස්ථාන මාරුවීම් සිදුකරන ලදි. 3 ශ‍්‍රිලයුපොහේබ ඒකකය නාරාහේන්පිට ස්ථානගතවී විනයාරක්‍ෂක කණ්ඩායම් වශයෙන් යුහමු විනයාරක්‍ෂක කණ්ඩායම ක්‍ෂේත‍්‍ර විනයාරක්‍ෂක කණ්ඩායම පනාගොඩ 1 වන විනයාරක්‍ෂක කණ්ඩායම වශයෙන්ද 2 (සෙවි) ශ‍්‍රිලංසිරෙ, පල්ලෙකැලේ, දියතලාව, බුස්ස, කුරුවිට සහ කුරුණැගල යන විනයාරක්‍ෂක අංශයන් වශයෙන්ද කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රභූ ආරක්‍ෂක රාජකාරි සදහා විවිධ ස්ථානයන් ආවරණය වන පරිදි ඉතා පුළුල් ප‍්‍රදේශයක රාජකාරි කල අතර, මෙම කාල පරාසය තුලදී නැගෙනහිර පළාතේ රාජකාරි ආවරණය කල පරිදිම පැවරුනු රාජකාරිය ඉටු කරන ලදි.

වසර දෙකක කාලසීමාව ඉක්මවූ පසු නාරහේන්පිට ස්ථාපිත කර තිබූ 3 ශ‍්‍රිලයුපොහේබ ඒකකය අනුරාධපුරයටත්, අනුරාධපුරයේ ස්ථාපිතව තිබූ 2 ශ‍්‍රිලයුපොහේබ ඒකකය ගිරිතලේටත්, ගිරිතලේ ස්ථාපිතව තිබු 1 ශ‍්‍රිලයුපොහේබ ඒකකය නැවත කොළඹටත්, ඒකක මාරුවීම් සිදුකරන ලදී. 3 ශී‍්‍රලයුපොහේබ 2001 මැයි 25 වන දින අනුරාධපුර රණසේවාපුර 21 සේනාංක මුලස්ථාන කදවුරු සංකීර්ණයේ ස්ථාපිත කිරිමෙන් පසු 2 ශ‍්‍රිලයුපොහේබ වීසින් ස්ථාපිත කර තිබූ වව්නියව, මන්නාරම, වැලිඔය, පුත්තලම යන දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි විනයාරක්‍ෂක කණ්ඩායමි/විනයාරක්‍ෂක අංශයන් වෙත නිලධාරින්/සෙනීන් යොදවා රාජකාරින් ඉටු කරන ලදි.

එතෙක් 21 සේනාංක කදවුරු සංකිර්ණයේ ස්ථාපිත කර තිබූ ඒකකය වෙනත් භූමි භාගයක කඳවුරු බැඳ ගැනීමේ අවශ්‍යතාවය සපුරාගැනීම වස් තත් නිලධාරිගේ මහත් කැපවීමත්, මග පෙන්වීමත් මත ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ නොමසුරු සහයෝගය ඇතිව 3 ශ‍්‍රිලයුපොහේබ වෙත අනුරාධපුර ප‍්‍රදේශයේ වෙනමම බිම් කොටසක් නීත්‍යානුකූලව පවරා ගනිමින් එහි කදවුර ස්ථාපිත කිරිමට කටයුතු කරන ලදී. එහි ප‍්‍රධාන කාර්්‍යයාල සංකීර්ණය සදහා ස්ථිර ගොඩනැගිල්ලක්ද, සෙසු නිල භඨ නිවාසය සදහා අර්ධ ස්ථිර ගොඩනැගිල්ලක්ද කාන්තා භඨනිවාසයද අනෙකුත් අංශ/ආයතන, නිලධාරි නිවස්න, බනි/සැර නිවස්න සදහා තාවකාලික ගොඩනැගිලි ද ඉදිකරන ලදී.

3 ශී‍්‍රලයුපොහේබ ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින් මානුෂිය මෙහෙයුම සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන ලදී. තවද 57 සේනාංකය, 58 සේනාංකය, 59 සේනාංකය, 2 කාසේමු, 3 කාසේමු, 4 කාසේමු, 5 කාසේමු, 6 කාසේමු සහ 8 කාසේමු යන මූලස්ථානයන්හි විනයාරක්ෂක කණ්ඩායම් ස්ථාපිතව තිබූ අතර, මානුෂීය මෙහෙයුම අවසන් වන කාල වකවානුව වන විට අදාල සේනාංක පාලනය කිරීම සඳහා ආසේමු මුලතිව් ද පසුව ආසේමු කිලිනොච්චි ආරම්භ වන ලදී.

3 වන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය නැගෙනහිර පළාත තුල ස්ථාපිතව තිබියදි ඒල්ටීටීඊ ත‍්‍රස්තයන්ගේ බෙදුම්වාදී අරගලයන්ට එරෙහිව යුද්ධ හමුදාව වෙතින් කරනු ලබන සියලූ ක‍්‍රියාන්විත සදහා පාබල/ආධාරක හා සේවා ඒකකයන් සමග එක්ව යුද්ධ හමුදා පොලිස් රාජකාරින්ට අමතරව සෝමාවතී පුදබිමේ ආරක්ෂාව උදෙසා මෙන්ම හබරණ සිට මඩකලපුව දක්වා දිවෙන මාර්ගයේ මාර්ග ආරක්ෂාව වැනි ක‍්‍රියාන්විත රාජකාරින් ඉටු කරන ලද බව අභිමානයෙන් යුතුව දැක්වීය හැක.

හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුතිතන් කර්නල් ඒඅයිබී උනන්තැන්න
(1991.03.22 - 1992.12.25)




ලුතිතන් කර්නල් කේඒඑන්එස්කේ ධර්මරත්න
(1993.01.07 - 1995.02.06)


ලුතිතන් කර්නල් කේජේකේ ගුණරත්න
(1995.02.07 - 1996.07.04)




ලුතිතන් කර්නල් පී උඩුගම්පොල
(1998.11.18 - 2002.02.13)




ලුතිතන් කර්නල් පීජේඒ වීරසිංහ එල්එස්සී
(2002.02.14 - 2002.06.13)


ලුතිතන් කර්නල් සීඑස් ඇටිපොල එල්එස්සී
(2002.06.13 - 2004.03.27)


ලුතිතන් කර්නල් ඩිකේජිඩි සිරිසේන
(2005.09.08 - 2008.07.10)


ලුතිතන් කර්නල් එච් වල්ගම
(2008.07.11 - 2009.11.30)


ලුතිතන් කර්නල් ජිඒඑස් ගජධීර එල්එස්සී
(2009.12.03 - 2010.04.16)


ලුතිතන් කර්නල් එච්එම්එස්අයි සෙනරත්
(2011.03.28 - 2015.01.19)


ලුතිතන් කර්නල් ආර් එම් කේ එස් රාජනායක
(2015.01.19 - 2018.04.04)


ලුතිතන් කර්නල් එම් එම් එම් පි මහේෂ් කුමාර
(2018.04.05 - 2020.05.08)