අණදෙන නිලධාරි
මේජර් වීඑන්එම් ජයසේකර යුඑස්පී එල්එස්සී
යුද හමුදාවක් තුල විනය පවත්වා ගැනීමේ ප්‍රධාන අරමුණෙන් යුතුව ලෝකයේ යුද්ධ හමුදාවන්හි යුද්ධ හමුදා පොලීසියක් බිහිකර ඇති අතර, එහි ආදීතම යුද්ධ හමුදා පොලිස් සාමාජිකයා ලෙස 1241 මැයි මස 25 වන දින එංගලන්ත රාජ්‍යයේ දෙවන හෙන්ද්‍රික් රජතුමා විසින් පත් කර ඇති විලියම් නම් පුද්ගලයා හැඳින්විය හැකිය. එලෙස බිහිවුනා වූ යුද්ධ හමුදා පොලීසීය ශී‍්‍ර ලංකාද්වීපයට පැමිණෙනුයේ දෙවන ලෝක සංග්රාම කාලය වූ 1939 සිට 1945 දක්වා වකවානුව තුලය. අප රට බි්රතාන්යයේ යටත් විජිතයක්ව පැවති කාලයේ ඔවුන් විසින් පවත්වාගෙන ගිය සහ ලංකාව තුල පැවැති රෙජිමේන්තු තුල විනය පවත්වාගෙන යාමට මෙන්ම රටෙහි ඇතිවන්නාවූ විවිධ අත්‍යාවශ්‍ය රාජකාරින් හා අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා බි්රතාන්ය රාජකීය යුද්ධ හමුදා පොලිස් භඨයින් ශී‍්‍ර ලංකාවෙහි රාජකාරියන්හි යොදවා ඇත. එම යුද්ධ හමුදා පොලිස් භඨයින්ගේ සහය සඳහා ලංකාව තුල පැවති යුද්ධ හමුදා රෙජිමේන්තු වල රාජකාරි කරනු ලබන අයවළුන් අතුරින් දක්ෂතම කි‍්‍රයාකාරී ලාංකික සෙසුනිලයින් කිහිප දෙනෙකු යොදවා ගෙන ඇති අතර, එකල්හි ශී‍්‍ර ලංකාවේ පවත්වාගෙන ගිය රෙජිමේන්තු වල විනය පවත්වාගෙන යාමට සහ එම රෙජිමේන්තු තුල සිදුවුනාවූ වංචාල දූෂණ හා අපරාධ වැලැක්වීම සඳහා බි්රතාන්ය රාජකීය යුද්ධ හමුදා පොලිස් භටයින් යෙදවීමේදී ඔවුන්ගේ භඨ පිරිස්හි හිඟතාවය මෙන්ම සිංහල භාෂාව නිසි පරිදි කතා කිරිමේ නොහැකියාව වැනි කරුණු මත ශි‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලීසියක අවශ්‍යතාවය එම කාල වකවානුව තුල දැඩිව දැනුනු හෙයින් ඒ සඳහා 1944 වසරෙහි මූලික සැලැස්ම සකස් කර එවකට ශී‍්‍ර ලංකාව තුල පැවති සේවා රෙජිමේන්තු වල පුහුණු නිලධාරීන් හා සොල්දාදුවන් කැඳවා ඇත.
මෙසේ තෝරාගත් නිලධාරීන් හා සොල්දාදුවන්ගේ ඇඳුම වශයෙන් සාමාන්‍ය නිල ඇඳුම හා නිල් හිස්වැස්ම ලබාදී ඇති අතර, නිල් හිස් වැස්ම හා යුද්ධ හමුදා පොලීසියෙහි වටිනාකම හා වගකීම සහ රාජකාරීන් පිළිබඳව එවකට සිටි බි්රතාන්ය රාජකීය යුද්ධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීම් කර විනයාරක්ෂක රාජකාරීන්හි යොදවා ඇත.
බි්රතාන්යයේ යටත් විජිතයක්ව පැවැති අප රට 1948.02.04 දින නිදහස ලැබීමත් සමඟ ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවක් අවශ්‍ය වූ බැවින් එහි ප්‍රතිඵලයක් වශයෙන් 1949.10.10 දින උත්සවාකාරයෙන් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව ආරම්භ කර ඇති අතරල ඊට අයත් රෙජිමේන්තු වල විනය පවත්වාගෙන යාම එවකට සිටි නිල් හිස් වැස්ම සහිත යුද්ධ හමුදා පොලිස් සාමාජිකයින්් හා ඒ ඒ රෙජිමේන්තු වල නීතිගරුක අයවළුන් යොදවා සිදුකර ඇත. පළමුවන ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය ඒකකයක් වශයෙන් ස්ථාපනය කිරීමෙන් පසු පනාගොඩ, දියතලාව, බුස්ස, යුද්ධ හමුදා මූලස්ථානය, මහනුවර, අනුරාධපුර, මින්නේරිය, ත්‍රිකුණාමලය, වව්නියාව, පුනරීන්, පලාලි, මඩකලපුව, වැලිකන්ද, වැලිඔය, මන්නාරම, ප්‍රදේශයන්හි අංශයන් පවත්වාගෙන ගිය අතර, 1991.04.01 න් පසු 1 ශී‍්‍රලයුපොහේබ ඒකකයට අමතරව තවත් ශී‍්‍රලයුපොහේබ ඒකකයන් ස්ථාපනය විය. පසු කාලීනව ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයන් වෙත අයත් පළාත් 06 ක් යටතේ වන දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි 1 ශී‍්‍රලයුපොහේබ වෙතින් විනයාරක්ෂක රාජකාරි ඉටු කරමින් මාතර, කතරගම, හම්බන්තොට, කුරුවිට, කොස්ගම, පුත්තලම, කුරුණෑගල විනයාරක්ෂක අංශ මෙන්ම බුත්තල සහ නුවරඑළිය ප්රදේශයන්හිද නව අංශයන් පිහිටුවමින් රාජකාරි ඉටු කරන ලදි.
එලෙස ආසේමු (බටහිර) හා ආසේමු (මධ්‍යම) බලප්රදේශයන් වෙත අයත් පළාත් 06 ක් යටතේ වන දිස්ත්‍රික්ක 16 ක් ආවරණය වන පරිදි 1 ශි‍්‍රලයුපොහේබ විසින් විනයාරක්ෂක රාජකාරීන් ඉටු කරමින් සිටියදී 2015.11.12 වන දින නවතමයෙන් 7 ශ්‍රීලයුපොහේබ ඒකකය දියතලාව ප්‍රදේශයේ ස්ථාපනය කිරීමෙන් අනතුරුව ආසේමු (මධ්‍යම) බල ප්‍රදේශය වෙත අයත් සියළුම අංශයන් 7 ශ්‍රීලයුපොහේබ වෙත පාලනය භාරදීම සිදු කෙරුණු අතර, මෙම ඒකකය වෙතින් ආසේමු (බටහිර) වෙත අයත් බල ප්‍රදේශයන් හි ස්ථාපිත ශ්‍රීලයුපොහේබ කණ්ඩායම් හා අංශයන් පාලනය කිරීම සිදුවිය. වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 වන දින ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව ස්ථාපනය කිරීමත් සමග වර්ෂ 1949 ඔක්තෝබර් 30 දින එක් නිලධාරියෙකු සහ සෙසුනිලයින් 10 දෙනෙකු ගෙන් ඇචලන් චතුරස්රයේ ස්ථාපනය කරමින් ඉදිරි ගමනක යෙදුනු පළවැනි ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියමින් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි ස්ථානගතව තම රාජකාරින් මනාව ඉටුකර විනයාරක්ෂක ඒකකයන් හතකින්, විශේෂ විමර්ශන ඒකකයකින් සහ යුද්ධ හමුදා පොලිස් පාසලකින් සමන්විත විනයාරක්ෂක පවුලට මාතෘත්වය දෙමින් මේ වන විට කිරුළපන පාර, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයේ ස්ථාපිතව තම රාජකාරින් ඉටු කරනු ලබයි.
යුද්ධ හමුදා විනය වඩාත් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව මේ වන විට ඒකකයේ රාජකාරි බලප්‍රදේශය පලාත් 04 තුල දිස්ති‍්‍රක් 08 ක ව්‍යාප්තව ඇති අතර, එම බල ප්‍රදේශයන්හි ශී‍්‍රලයුපොහේබ කණ්ඩායම්/අංශ ස්ථාපනය කරමින් යුද්ධ හමුදාවට මෙන්ම ලාංකේය ජනතාවට සේවය ලබාදීම සිදුකරනු ලබයි. මෙම ඒකකය වෙතින් ඉටුකරනු ලබන රාජකාරින් අතර, ජනාධිපති සම්මාන මුර රාජකාරින්, පරිවාරක රාජකාරීන්, හෙලි රාජකාරීන්, පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකරනු ලබන අවමංගල්‍ය උත්සවයන්හි අවදිව මුරකිරීමේ (විජිල්) රාජකාරීන්, රාජ්යත්රාන්තික උත්සවයන්හි විශේෂ රාජකාරීන්, විදේශීය ප්‍රභූවරුන් මෙරටට පැමිණිමේදී සිදුකරනු ලබන රාජකාරීන් ප්‍රධාන වශයෙන් දැක්විය හැක. එමෙන්ම රෙජිමේන්තුවට ආවේණික රාජකාරින්ට පරිබාහිරව අප ඒකකය වෙතින් පසුගිය වකවානුව තුල මෙරටට බලපෑ ස්වභාවික ව්‍යවසනයන්හිදී ඉටුකලාවූ සමාජ සත්කාරයන් අධ්‍යාත්මීය මෙහෙවරයක් තුලද රෙජිමේන්තුව ඉමහත් සමාජ පැසසුමට නිබඳව ලක්වෙමින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සාර්ථක ඉදිරි ගමනක යෙදේ.
ආරම්භක සාමාජිකයින්
සැරයන් මැතිවුස් කේ
කෝප්රල් වඩිවෙල්කරේසු වීඑම්වී
ලා/කෝ පෙරේරා එන්ඩබ්
ලා/කෝ හේරත් එච්එස්
ලා/කෝ පියසේන එමිඒ
ලා/කෝ මොහොමඞ් ටිඑෆ්
ලා/කෝ ඩැනීස් ජීඑෆ්
ලා/කෝ ගුණතිලක ආර්ඒපී
ලා/කෝ රාජපක්ෂ ජේ
ලා/කෝ ජෝන් ආර්ජී
හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුතිතන් කර්නල් ඊආර්පී ද සිල්වා - ශ්‍රීලපහ (1949.10.01 - 1964.09.15)

මේජර් බීසී හෙන්රිකස් (1964.09.15 - 1969.10.19)

ලුතිතන් කර්නල් ඩිජේ එස් වික්‍රමනායක - ශ්රීලකහ (1969.10.19 - 1970.09.10)

මේජර් සීඒඑම්එන් සිල්වා - ශ්‍රීලපහ (1970.07.10 - 1971.11.30)

ලුතිතන් කර්නල් වයිආර්එම්පී විජේකෝන් - ශ්රීලකහ (1971.12.01 - 1973.01.31) (1976.04.01 - 1976.09.15)

ලුතිතන් කර්නල් සීඑච් ප්‍රනාන්දු - ශ්‍රීලසසබ (1976.09.15 - 1976.12.31)

ලුතිතන් කර්නල් කේඒඑම්ජී කුලරත්න (1981.01.16 - 1988.08.15)

ලුතිතන් කර්නල් එස්අයිඑස් දසනායක (1988.08.15 - 1992.12.21)

ලුතිතන් කර්නල් ඒබීඅයි තෝරදෙනිය (1992.12.21 - 1995.02.13)

ලුතිතන් කර්නල් කේඒඑන්එස්කේඒ ධර්මරත්න (1995.02.13 - 1997.10.11)

ලුතිතන් කර්නල් ඊකේජේකේ විජයසිරි එල්එස්සී (1997.10.12 - 2000.10.13)

ලුතිතන් කර්නල් පිබිඩි ඩයස් එල්එස්සී (2000.10.13 - 1995.02.13)

ලුතිතන් කර්නල් එස්පීඒකේ සියලඹලාපිටිය පීඑස්සී එල්එස්සී (2004.03.16 - 2006.09.27)

මේජර් අයිඔිඩබ් මාදොල (2004.03.16 - 2006.09.27) (2006.09.27 - 2008.09.10)

ලුතිතන් කර්නල් එල්පීආර් පේ‍්‍රමලාල් (2008.09.10 - 2010.07.27)

ලුතිතන් කර්නල් ඒසිඒ ද සොයිසා එල්එස්සී (2010.07.28 - 2014.10.15)

ලුතිතන් කර්නල් ඩිඩිඩි සේරසිංහ (2014.10.16 - 2017.01.04)

ලුති කර්නල් ජේඑස් මුණසිංහ (2018.08.05 - 2019.08.13)

ලුති කර්නල් අයිආර් හන්තානආරච්ච් (2017.01.05 - 2018.08.04)

ලුතිතන් කර්නල් ආර් එම් එන් රත්නායක යුඑස්පි එල්එස්සී (2019.08.14 - 2021.09.23)

මේජර් ඊඩබ්එච්එස් එරමුදුගොල්ල පිඑස්සි (2021.09.24 - 2023.11.07)