07th January 2026 13:04:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි 04 වන දින පොල්හේන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේදී, මාසික රැස්වීමෙන් අනතුරුව, යුද්ධ හමුදා පොලිස් සාමාජිකයින්ගේ දරුවන් 200 ක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ. උත්සවය අතරතුර, යුද්ධ හමුදා පොලිස් සෙබළුන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රතිලාභීන් වෙත පාර්සල් 37 ක් සංකේතාත්මකව බෙදා දෙන ලදී.
සෑම අයෙකු සදහාම ලිපි ද්‍රව්‍ය, පාසල් බෑගයක් සහ සපත්තු වවුචරයක් ඇතුළත් විය. රුපියල් මිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම වැඩසටහන ආධාර පරිත්‍යාග මත පවත්වන ලදී. මෙම අවස්ථාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.