Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

29th December 2025 12:53:47 Hours

සේවා වනිතා ශාඛාව මාසික රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් 13 වන දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් මූලස්ථානයේ මාසික රැස්වීමට සමගාමීව පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලද අතර, එහි අරමුණ වූයේ යුද්ධ හමුදා පොලිස් සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීමයි. මෙම වැඩසටහන අතරතුර, “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ යුද්ධ හමුදා පොලිස් සාමාජිකයින් දෙදෙනෙක් සදහා ආධාර ලබා දීම සිදු කරනු ලැබීම.

මෙම අවස්ථාවට සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි, ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් රැසක් සහභාගී විය.