Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th January 2026 17:56:52 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා නිඅභපි (මුලතිව්) සිය දෙවන සංවත්සරය සමරනු ලැබීය.

ශ්‍රී ලංකා යු යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිඅභපි (මුලතිව්) සිය 2 වන සංවත්සරය 2025 දෙසැම්බර් 28 වන දින මාණ්ඩලික නිලධාරී 1 ලුතිනන් කර්නල් ජේඑස් ජයතිලක යූඑස්පී ගේ මඟ පෙන්වීම යටතේ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් වැඩසටහන් මාලාවක් සමඟින් සංවත්සරය සමරනු ලැබීය.

2025 දෙසැම්බර් 26 වන දින කඳවුරු පරිශ්‍රයේදී පැවති බෝධි පූජාවකින් සැමරුම් කටයුතු ආරම්භ විය. 2025 දෙසැම්බර් 28 වන දින හමුදා සම්ප්‍රදායන් සහ සම්මතයන්ට ප්‍රමුඛත්වය දෙමින් කඳවුරු සම්මාන මුරයක්, පසුව සමූහ ඡායාරූපයක්, පැළ සිටුවීම, සියලුම නිලයන් සඳහා දිවා ආහාරය සහ භට පිරිස් ඇමතීම සිදු කරන ලදී. නිඅභපි (මුලතිව්) හි සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසුනිලයින් අතර සුහදතාවය සහ එකමුතුකම වැඩි දියුණු කරමින් සියලුම නිලයන් සඳහා සංගීත සැදෑවක් ද පවත්වන ලදී.