Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd January 2026 22:08:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 5 වන රෙජිමේන්තුව අභිනවයෙන් ඉදිකරන ලද බුදු මැදුර විවෘත කිරීම

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ අලුතින් ඉදිකරන ලද “බුදු මැදුර” 2025 දෙසැම්බර් 28 වන දින 5 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා යුදසේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක තුමන් වන මේජර් ජෙනරාල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූ.එස්.පී. එච්.ඩී.එම්.සී. පී.එස්.සී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ආගමික සිරිත් විරිත්වලට අනුකූලව බුදු මැධුර විවෘත කිරීම සිදු කරන ලද අතර, ඉන් අනතුරුව බෝධි පූජාවක් පවත්වන ලදී. මෙම ආගමික කටයුතු මගින් ආශිර්වාද ලබා ගත් අතර බෞද්ධ වටිනාකම් සහ සදාචාරාත්මක විනය සඳහා රෙජිමේන්තුවේ කැපවීම පිළිබිඹු විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. අබේසිංහ එන්ඩීසී, 5 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බී.ජී.එස්.එම්. බෝගහවෙල යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම උත්සවයට සහභාගී වූහ.