Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th December 2025 18:10:50 Hours

යුද්ධ හමුදාපතිතුමා විසින් විශිෂ්ට කාර්ය සාධනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කොමිෂන් නොලත් නිලධාරි වරයෙක් සදහා උපහාර පුදකරනු ලැබීම

මාණ්ඩලික සැරයන් කුලසේකර කේඑම්සීඑස් - 3 ශ්‍රීලයුපොහේබ, ජ්‍යෙකොනොනි ඔහුගේ විශිෂ්ඨ දක්ෂතා පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායට ආඩම්බරයක් ගෙන දෙමින් සරඹ උපදේශක පාඨමාලා අංක 134 හි ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය අගයමින්, 2025 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කළ සංචාරයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් බී කේ ජී එම් එල් රොඩ්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී විසින් මාණ්ඩලික සැරයන් කුලසේකර කේඑම්සීඑස් යූඑස්පී වෙත මුල්‍යමය ත්‍යාගයක් පිරිනමන ලදී.

මෙම පිළිගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් පවත්වාගෙන යනු ලබන ඉහළ කාර්යසාධනය පිළිබිඹු කරනවා පමණක් නොව, පුහුණුව සහ රාජකාරිය යන දෙකෙහිම විශිෂ්ටත්වය සඳහා උත්සාහ දැරීම සියලුම නිලයන් සඳහා වැදගත් සංදිස්තානයක් ද වේ.