10th November 2025 18:45:42 Hours
2025 නොවැම්බර් 08 වන දින යුද්ධ හමුදා පොලිස් පාසල - ගිරිතලේ පෙළපාළි භූමියේදී, විනයාරක්ෂක පාඨමාලා අංක 85 හි විසිරයාමේ පෙළපාලියක් පැවැත්වින, මෙම විසිරයාමේ පෙළපාලිය විනයාරක්ෂක නිලධාරියෙකු සහ අලුතින් බඳවා ගන්නා ලද විනයාරක්ෂක සෙබලුන් 32 දෙනෙකුගෙන් සමන්විත විය.
යුද්ධ හමුදා පොලිස් පාසලේ සේනාවිධායක කර්නල් අයි ආර් හන්තානේආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කදවුරු මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් පාසලේ ප්‍රධාන උපදේශක මේජර් එච් එම් සී සී සූරියබණ්ඩාර යූඑස්පී විසින් අණදෙන ලද විසිර යාමේ පෙළපාලිය පැවැත්විණි. එහිදී පුහුණුවන්නන් විනයගරුක නිලධාරීන් සහ ඉහළ දක්ෂතා ඇති සොල්දාදුවන් බවට පරිවර්තනය වීම පිළිබිඹු කරමින් පුහුණුවේ උච්චතම අවස්ථාව ප්‍රදර්ශනය කරන ලදී.
උත්සවය අතරතුර, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පහත සඳහන් සහභාගිවන්නන්ට ඔවුන්ගේ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන ලදී:
• හොඳම කණ්ඩය: 3 වන කණ්ඩය (නි/87563 2/ලුතිතන් එන් ඩබ්ලිව් එස් ඩබ්ලිව් එන් අයි ද සිල්වා)
• හොඳම කණ්ඩ භාර සැරයන්: සෙ/678549 සැරයන් කීර්තිසිංහ ඩබ්ලිව් ඩි ජෙ බි එස්
• හොඳම පෙළ අණදෙනන්නා : සෙ/680711 ලා/කෝ සෙනෙවිරත්න එච් එස් ටි
• හොඳම වෙඩික්කරු (පිස්තෝලය): සෙ/682338 ආසෙ ධර්මකීර්ති කේ ඩි යු එන් එච්
• සෑම අතින්ම අතිසූර සෙබලා: සෙ/682356 ආසෙ අබේනායක කේ එම් අයි එස්
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එල් ඩී එස් මොල්ලිගොඩ යූඑස්පී පීඑස්සී, 1 බලකායේ (පාලන හා භකාස), බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාර, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් එම් කේ ඒ එස් රාජනායක, ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) (පාලන හා භකාස), බ්‍රිගේඩියර් ජේ එස් මුණසිංහ, ව්‍යාපෘති නිලධාරී ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම), බ්‍රිගේඩියර් ඩී ඩී ඩී සේරසිංහ යූඑස්පී, නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය (කන්දකාඩු) පුනරුත්ථාපන අධිකාරී, බ්‍රිගේඩියර් ඊ එම් අයි ඒකනායක, අණදෙන නිලධාරී විවිඒ, බ්‍රිගේඩියර් එච් ඒ එච් සී අල්විස් යූඑස්පී, 231 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩී කේ ඩබ් එම් එම් ජේ වැලිවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.