30th October 2025 18:20:05 Hours
1949 දී ආරම්භ වූ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 1 වන රෙජිමේන්තුව අද, එනම් 2025 ඔක්තෝබර් 30 වන දින සිය 76 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි.
මෙම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා, කර්නල් සේනාවිධායක තුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලුම නිලධාරීන් හා සෙසු නිලයින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී තුමන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ට ඔවුන්ගේ හෘදයාංගම සුබ පැතුම් එක් කළහ.
මෙම පණිවිඩය මගින් දශක ගණනාවක් පුරා 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ විනය සහ නොසැලෙන කැපවීම අගය කරන අතර ඒකකයේ අභිමානවත් සම්ප්‍රදායන් ගෞරවයෙන් හා විශිෂ්ටත්වයෙන් ඉදිරියට ගෙන යාමට සියලුම නිලයන් දිරිමත් කරනු ලබයි.
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ට සුභ පැතුම්!