Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

25th September 2025 14:48:52 Hours

බ්‍රීගේඩියර් ඩිඩිඩි සේරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් රචිත “මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්” නමින් නව පොතක් දොරට වැඩවීම

බ්‍රිගේඩියර් ඩී ඩී ඩී සේරසිංහ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රචිත “මරණයේ හෝරාව දුටු භටවර ජයසෙන්” ග්‍රන්ථය 2025 සැප්තැම්බර් 24 වැනි දින උත්සවාකාරයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී එළිදක්වන ලදී. පසුගිය වසරේ එළිදැක්වූ ඔහුගේ පළමු පොත වන “යුග යුග” නම් කෘතියට පසුව එළිදක්වන ලද දෙවන කෘතියයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ්-එන්ඩියු පිඑස්සි අයිජි සහභාගී විය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන මහානාම වික්‍රමසිංහ මහතා සහ අජිත් ක්‍රිෂාන්ත සේරම් මහතා ප්‍රකාශනය පිළිබඳ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරමින්, එය විශිෂ්ට සාහිත්‍යමය දායකත්වයක් ලෙස ඇගයීමට ලක්කරමින් මොහුව ප්‍රශංසා කළහ.

මෙම අවස්ථාවට ආඥාපති ආසේමු (මධ්‍යම) මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී, අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල මේජර් ජෙනරාල් ඩබ්ලිව් බී ජේ කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුධ සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, විධායක ජෙනරල් මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී, ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ ප්‍රෝවෝස්ට් මාර්ෂල් මේජර් ජෙනරාල් ඒඑම්ආර් අබේසිංහ එන්ඩීසී, සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සහභාගී වන ලදි.

තම වෘත්තීය අත්දැකීම් අර්ථවත් හා වටිනා සාහිත්‍ය කෘති බවට පරිවර්තනය කිරීමට බ්‍රිගේඩියර් සේරසිංහ සතු හැකියාව මෙම පොත මගින් විදහා දක්වයි.