25th September 2025 22:58:42 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ 3 වන කාර්තු නිලධාරී පුහුණු දින වැඩසටහන 2025 සැප්තැම්බර් 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. නිලධාරීන් අතර වෘත්තීය දැනුම, නායකත්වය සහ සුහදතාවය වර්ධනය කිරීම සදහා මෙම පුහුණු දින වැඩසටහන සැලසුම් කර ඇත.
උදෑසන ශාරීරික පුහුණුවෙන් ආරම්භ වූ අතර, පසුව කනිෂ්ඨ නිලධාරීන් සඳහා පෙළපාළි භූමියේ සරඹ පුහුණුවක් ලබා දුන් අතර, එමඟින් ඔවුන්ගේ සරඹ කුසලතා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාව ලැබුණි. ඊට අමතරව, යුද්ධ හමුදා පොලිස් නිලධාරීන් විසින් තනි සහ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් විවිධ අංශවලින් ඔවුන්ගේ ප්‍රවීණතාවය ඉස්මතු කරන ලදී.
එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රාජිත පෙරේරා මහතා, LLB (OUSL), LLM (කොළඹ) විසින් දේශනයක් පවත්වන ලදී. නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සඳහා රාජකාරියේ නිරත වීමේදි සිවිල් නීතියේ වැදගත්කම පිළිබඳව ඔහු විස්තර කලේය. මෙම වැඩසටහනට අදාලව විනෝදාත්මක සැසියක් ද ඇතුළත් වූ අතර, එහිදී නිලධාරීන් කණ්ඩායම් ගොඩනැගීමේ ක්‍රියාකාරකම්වල නිරත විය.
පසුව, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් LLB (කොළඹ) දිලීප පීරිස් මහතා, විසින් යුද්ධ හමුදා පොලිස් රාජකාරි හි නිරත වීමේදි තීක්‍ෂණ බුද්ධියෙන් කටයුතු කල යුතු ආකාරය පිලිබදව දැනුවත් කලහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හමුදාවේ හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බීජීඑස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, භකාස අණසක ආඥාපති ආසේමු (මධ්‍යම) මේජර් ජෙනරාල් ආර්ඩී සලේ එන්ඩීසී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රොවොස්ට් මාර්ෂල් මේජර් ජෙනරාල් ඒඑම්ආර් අබේසිංහ එන්ඩිසී, ආසේමු (මධ්‍යම) ව්‍යාපෘති නිලධාරී බ්‍රිගේඩියර් ඩීඩීඩී සේරසිංහ යූඑස්පී, කන්දකාඩු නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන අධිකාරී බ්‍රිගේඩියර් ඊඑම්අයි ඒකනායක, විශේෂ විමර්ශන ඒකක අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් එච්ඒඑච්සී අල්විස් යූඑස්පී , නීති සේවා මානව සම්පත් සහ මානව සම්පත් අධ්‍යක්ෂක කර්නල් කේඒපී. කුරුප්පු යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ගෞරවනීය පැමිණීමත් සමග වැඩසටහන ඉතා උසස් මට්ටමින් පැවැත්විනි.