Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st October 2025 14:19:10 Hours

කර්නල් සේනාවිධායක තුමන් විසින් 3 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, 2025 සැප්තැම්බර් 27 වන දින ගල්කුලම හි පිහිටි 3 වන රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.

කර්නල් සේනාවිධායක තුමන් හට 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ ඒ කේ කාරියවසම් යූඑස්පී එල්එස්සී විසින් සාම්ප්‍රදායික කඳවුරු සම්මාන මුරයක් සහ සමූහ ඡායාරූපයක් සමඟින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පසුව, අණදෙන නිලධාරි විසින් ඒකකයේ රාජකාරි, පුහුණු සහ පරිපාලන අංශ ආවරණය වන පරිදි පුළුල් විස්තරයක් පැවැත්වීය.

මෙම සංචාරය අතරතුර, කර්නල් සේනාවිධායක තුමන් පැළයක් රෝපණය කර, භට පිරිස් ඇමතූ අතර කදවුුරු සංචාරයේ නිරතව වී කර්නල් සේනාවිධායක තුමන් නිලධාරි නිවසනයේ අමුත්තන්ගේ පොතේ සිය අදහස් සටහන් කළේය.