Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th September 2025 10:22:35 Hours

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ලුතිනන් කර්නල් නිලයට නිල උසස්වීම් ලබන ලදි.

2025 සැප්තැම්බර් 03 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විධිමත් උත්සවයකදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, නිල උසස් වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සදහා ඔවුන්ගේ නිලයට හිමි නිල ලාංඡනයන් පලදවන ලදි.

• ලුතිනන් කර්නල් කේ ඒ කේ කාරියවසම් යූඑස්පී එල්එස්සී - අණදෙන නිලධාරී - 3 ශ්‍රීලයුපොහේබ

• ලුතිනන් කර්නල් ආර් ජී බී එස් ප්‍රේමරත්න යූඑස්පී එල්එස්සී - මාණ්ඩලික නිලධාරී 1 (රණසේවා), රෙජිමේන්තු මධ්‍යස්ථානය

• ලුතිනන් කර්නල් කේ ටී රන්දික යූඑස්පී එල්එස්සී - දෙවන අණදෙන නිලධාරී - 1 ශ්‍රීලයුපොහේබ

මෙම උත්සවය සඳහා විනයාරක්ෂකාධිපති, මේජර් ජෙනරාල් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් එම් කේ ඒ එස් රාජනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.