22nd August 2025 17:25:33 Hours
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 24 වන අණදෙන නිලධාරි ලෙස රාජකාරි කරන ලද ලුතිතන් කර්නල් වීඑන්එම් ජයසේකර යුඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.08.14 වන දින තම ධුරයෙන් රාජකාරි අත් හරින ලදි. මෙම අවස්ථාව සනිටුහන් කිරිම වෙනුවෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියකින් සම්න්විත විය. එමෙන්ම සමූහ ඡායාරූප ලබා ගැනීමක් සහ භට පිරිස් ඇමතීම සහ සියලුම නිල තේ පැන් සංග්‍රහයකින්ද සම්න්විත විය.