Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

22nd August 2025 17:30:39 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කිරිම

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින්, 2025 අගෝස්තු 16 වන දින 1 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ 25 වන අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කර්නල් ඩී ජී අයි පී ගොඹරගේ යූඑස්පි පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි ආරම්භ කරන ලදී.

1 ශ්‍රීලයුපොහේබ දෙවන අණදෙන නිලධාරී මේජර් කේ ටී රන්දික යූඑස්පී එල්එස්සී විසින් නව අණදෙන නිලධාරීතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව, 1 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ භට පිරිස් විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත ගෞරව දැක්වීම සඳහා සම්මාන මුරයක් සහ පෙළපාලියක් පිරිනමන ලදී.

පෙළපාළියෙන් පසුව, සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කරන ලද අතර, නව අණදෙන නිලධාරීතුමන් භට පිරිස් අමතමින්, ඉදිරි වසර සඳහා තම දැක්ම සහ අපේක්ෂාවන් පැහැදිලි කළේය. මෙම අවස්ථාවට 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.