25th August 2025 12:32:11 Hours
යුද්ධ හමුදා පොලිස් පාසල සිය 25 වන සංවත්සරය සමරනු ලැබීය. යුද්ධ හමුදා පොලිස් පාසලේ සාර්ථකත්වය සහ එහි සාමාජිකයින්ට අශීර්වාද පතා 2025 අගෝස්තු 13 වන දින බෝධි පූජාවකින් සැමරුම් ආරම්භ වූ අතර, 2025 අගෝස්තු 14 වන දින බෝසත් බාලිකා ළමා නිවසෙහි දී දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරන ලදි.
2025 අගෝස්තු 15 වන දින කඳවුරු සම්මාන මුරයක් සහ භට පිරිස් ඇමතීමක් පවත්වන ලද අතර, එහිදි සියලුම දෙනා සමූහ ඡායාරූපයකටද පෙනි සිටියේය. 2025 අගෝස්තු 16 වන දින ආකර්ෂණිය සල්ලාතිව් වෙරළ තීරයට විශේෂ සංචාරයක් සංවිධානය කරන ලදි. මෙම අවස්ථාවන් සදහා යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, නිලධාරිනියන් හා සෙසුනිලයින් සහභාගි වන ලදි.