17th August 2025 15:09:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසල - ගිරිතලේ වෙත නිල සංචාරයක නිරත විය. එම අවස්ථාව සදහා සහභාගිවන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඒකක අණදෙන නිලධාරින් හා පුහුණු පාසලේ සේනාවිධායක තුමන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
අනතුරුව, ඒකක අණදෙන නිලධාරීන් හා පුහුණු පාසලේ සේනාවිධායක තුමන් විසින් එම ඒකක හා පුහුණු පාසල පිළිබද සවිස්තරාත්මක විස්තර ඉදිරිපත් කිරීමක් පවත්වන ලදී.
ඉන් අනතුරුව භට පිරිස් ඇමතූ මෙතුමන්, එහිදී විනයාරක්ෂකාධිපති තුමන් විසින් සාමාජිකයෙකුගෙන් අපේක්ෂා කරන ගුණාංග ඉස්මතු කළ අතර වෘත්තීයභාවය, කැපවීම සහ ධනාත්මක ආකල්පයකින් තම රාජකාරි ඉටු කිරීමට සියලුම නිලයන් දිරිමත් කළේය.