13th August 2025 23:03:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මූලස්ථානය වෙතින් 2025 අගෝස්තු 11 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මේජර් ජෙනරාල් නිලයට උසස් වීම නිමිත්තෙන් උපහාර දැක්වීම සඳහා උත්කර්ෂවත් උපහාර උත්සවයක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිල වශයෙන් මේජර් ජෙනරාල් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් පිළිගනු ලබන අතර, රෙජිමේන්තු සරඹ භූමියේදි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ ගෞරවය පිළිබිඹු කරමින් චාරිත්‍රානුකූල සම්මාන මුරයක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සැමරීම සඳහා සමූහ ඡායාරූපයක් ද, ඉන් අනතුරුව රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදි සංග්‍රහයක් සමඟ සුහද හමුවක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් පාලන භකාස ආසේමු (බ) බ්‍රිගේඩියර් ජේ එස් මුණසිංහ, බ්‍රිගේඩියර් ඊ එම් අයි ඒකනායක, කවුන්සිල් සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අනෙකුත් නිලයන් සහභාගී වූහ.