Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th July 2025 10:00:15 Hours

4 ශ්‍රීලයුපොහේබ 30වන සංවත්සරය අභිමානවත්ව සමරන ලදි

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය වසර 30 ක දිගු ගමන සිහිපත් කරමින් 2025 ජූලි 12, 13, 15, 16 සහ 19 යන දිනවල අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්ඩීසී සිරිවර්ධන පීඑස්සී එල්එස්සී නිලධාරිගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදි.

ජූලි 12 වන දින සවස, බෝධි පූජා වැඩසටහනක් පවත්වන ලදී. 2025 ජූලි 13 වන දින මයිලඩ්ඩි පුල්ලයාර් කෝවිලේ සහ කන්කසන්තුරෙයි ප්‍රාථමික වෛද්‍ය සේවා ඒකකයේ දානමය වැඩසටහනක්, පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. ඉන්පසු එදිනම සවස ඒකකයේ සියලුම නිලයන්ට ආශිර්වාද කිරීම සඳහා කෝවිල් පූජාවක් පවත්වන ලදී. භට පිරිස් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් තරඟාවලිය සහ වොලිබෝල් තරඟාවලිය 2025 ජූලි 15 සහ 16 යන දිනවල පැවැත්විණි. ජූලි 19 වන දින මෙම ඒකක 30 වන සංවත්සරයට සමගාමීව, සියලු නිල බෝජන සංග්‍රහයක් හා එදින රාත්‍රියේ සියලු නිල සුහඳ හමුවක් පවත්වා වැඩසටහනේ නිමාව සනිටුවහන් කරන ලදි.