Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th June 2025 07:39:36 Hours

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සංවිධානය කල පුත්තූර් ශාන්ත ලූක් වැඩිහිටි නිවාස සංචාරය

2025 මැයි 31 වන දින, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමඟ සහයෝගයෙන් යුතුව පුත්තූර් හි ශාන්ත ලූක් වැඩිහිටි නිවාසය වෙත සංචාරයක් සිදුකරන ලදි.

මෙම සංචාරයේදි වැඩිහිටියන් සඳහා අවැසි රෝද පුටු හා නව ඇඳ ඇතිරිලි බෙදාදීමක් සිදුකල අතර සැදෑ සමය විවේකීව ගතකරනු ලබන වැඩිහිටියන් සඳහා කෙටි ආහාර වේලක් ලබාදීමක්ද මෙම සංචාරයේදී සිදුකරන ලදි. එම අවස්ථාව සදහා යුද්ධ හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඉරේෂා පෙරේරා මැතිණිය හා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, මේජර් ජෙනරාල් ආර් ඩී සලේ එන්ඩීසී, ශ්‍රී යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාර 1 බලකායේ බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් ආර් එම් කේ ඒ එස් රාජනායක සහ ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් ජේ එස් මුණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, නිලධාරිනියන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.