Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th June 2025 07:36:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවාවනිතා ශාඛාව සිදුකල මුලතිව් ළමා නිවාස සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවාවනිතා ශාඛාව දැයේ දරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන් අතර නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්) හි සහයෝගයෙන් යුතුව 2025.05.30 වන දින පුදුකුඩිඉරිප්පු හි ළමා නිවාස සංචාර කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එම වැඩසටහනට සමගාමීව ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා ආහාරයක් ලබා දුන් අතර දරුවන්ගේ දෛනික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරිම සිදුකළ අතර එම අවස්ථාව සදහා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඉරේෂා පෙරේරා මැතිණිය ඇතුලු එම ශාඛාවේ සාමාජිකාවන් සහභාගිවන ලදි.

තවද මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යුඑස්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන් හා සෙසුනිලයින් පිරිසක් එම වැඩසටහන සදහා සහභාගි වන ලදි.