15th May 2025 01:25:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2025 මැයි මස 10 වන දින තත් නිලධාරිගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන් සමුගැනිමේ උත්සවයක් උත්සවාකාරයෙන් පවත්වන ලදී. සම්ප්‍රදානුකූලව විචිත්‍රවත් කඳවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැත්විණි.
එමෙන්ම, එදින පස්වරුවේ, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ගෞරව දැක්වීමක් වශයෙන් නිලධාරි නිවස්නයේදි සම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රීලයුපොහේබ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ අයවලුන් සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමුගැනීමේ දේශන පවත්වමින්, දශක තුනකට අධික කාලයක් බ්‍රිගේඩියර් ෂාමල් සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ කැපවිම් සහ ආදර්ශමත් සේවය අගය කළහ.
බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් තුමන් සිය අදහස් දැක්වීමේදී, කර්නල් සේනාවිධායක තුමන්හට, විනයාරක්ෂක පවුලේ සෙසු නිලධාරීන්ට සහ සියලුම නිලයින්ට ඔහුගේ කීර්තිමත් හමුදා ජීවිතය පුරාවට දැක්වූ නොසැලෙන සහයෝගය වෙනුවෙන් අවංක කෘතඥතාව පළ කළේය.
තවද, මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස්සී සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති බ්‍රිගේඩියර් ආර් ඩී සලේ එන්ඩීසී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා පොලිස් නිලධාරීන්, කවුන්සිල සාමාජිකයින්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් විශාල පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූ අතර, බ්‍රිගේඩියර් ෂමල් සෙනරත්ගේ විශිෂ්ට සේවය සහ නායකත්වයට උපහාර දැක්වීය.