Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th April 2025 22:25:58 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාසේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද විනයාරක්ෂක සූර්ය මංගල්‍ය

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව 2025 අප්‍රේල් 6 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිති කොටගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරි, සෙසුනිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා විචිත්‍රවත්, සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරීමේ උත්සවයක් ජන ක්‍රීඩා රැසක් සමඟින් සමරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේඛම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යුඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යුඑස්පී එන්පීඑස් පීඑස්සී මහතාගේ ගෞරවනීය මඟ පෙන්වීම යටතේ සැමරුම් උත්සවය පැවැත්වුනු අතර, සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස උත්සවයට සහභාගී වූවාය.
කර්නල් සේනාවිධායක තුමන් සහ එම මැතිණය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් අලංකාර ලෙස‘ගැමි ගෙදර’ තුල සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ කරන ලදි.
සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා රාශියකින් සමන්විත වූ මෙම උත්සවයෙහි විශේෂ අංගයක් වූ අවුරුදු කුමාරයා සහ කුමරිය තෝරා ගැනීමේ තරඟයේ විනිශ්ච කටයුතු සිදු කරන ලද්දේ සුප්‍රසිද්ධ නිළි නදීෂා හේමමාලි මහත්මිය විසිනි, ඇය විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස උත්සවයට එක් වූවාය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩීසී, ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භඨකාර්ය සම්පාදක ආඥාපති බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ එන්ඩීසී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 750 අධික ප්‍රමානයක් සහභාගිවන ලදි.