Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

02nd April 2025 18:18:14 Hours

අභිමානයෙන් සැමරු 34 වන ඒකක දින සංවත්සරය - 2 වන යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් හිමි 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වසර 34 ක් සපිරීම නිමිතිකොටගෙන ඒකකයේ සියලුම නිලධාරින්/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

ඒ අනුව එහි පලමු අංගය ලෙස 2025.03.29 වන දින මින්නේරිය දේවාලයෙහි සියලු නිලයින් හට සෙත් පතා ආශිර්වාද පිංකමක් පැවැත්වූ අතර, 2025.03.30 වන දින සියඵ නිලයින්ගේ සුහදත්වය වර්ධනය කිරීම සඳහා අන්තර් කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදි. එමෙන්ම 2025.03.31 වන දින කඳවුර ඉදිරිපිට ඇති සමාධි බුද්ධ ප්‍රථිමාව අභියසදී ආශිර්වාද බෝධි පූජාමය පිංකමක් හා 2025.04.01 වන දින අණදෙන නිලධාරි වෙත කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක් පිරිනැමීම හා ඒකක සංවත්සර දිනය සනිටුහන් කිරීම සඳහා ඒකක අණදෙන නිලධාරි විසින් පැලයක් රෝපනය කරන ලදි. ඉන් අනතුරුව සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදි අණදෙන නිලධාරි තුමන් විසින් සියඵ නිලයින් ඇමතීම සිදුකරනු ලැබීය.

එමෙන්ම සිය`ඵ නිලයින්ගේ සුහදත්වය වර්ධනය කිරීම උදෙසා උත්කර්ෂවත් අන්දමින් සංගීත රාත්‍රියක් පවත්වමින් සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත් කරන ලදී.