25th March 2025 18:18:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 3 වන රෙජිමේන්තුව සිය 34 වන සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය.
මෙම සැමරුම් උත්සවය ආගමික, චාරිත්‍රානුකූල සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළත් විවිධ උත්සව රැසකින් සමන්විත වූ අතර, ඒ සියල්ල වත්මන් අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්ජීඑල්බී ගුණරත්න යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ අනුග්‍රහය යටතේ පැවැත්විණි.
2025 මාර්තු 17 වන දින රුවන්වැලි සෑයේ පැවති බෝධි පූජා පිංකමකින් සංවත්සරය ආරම්භ වූ අතර, 2025 මාර්තු 23 වන දින ක්‍රිකට් සහ වොලිබෝල් තරඟ පැවැත් වූ අතර, අණදෙන නිලධාරි වෙත කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක් පිරිනැමීම හා ඒකක සංවත්සර දිනය සනිටුහන් කිරීම සඳහා ඒකක අණදෙන නිලධාරි විසින් පැලයක් රෝපනය කරන ලදි. ඉන් අනතුරුව සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදි අණදෙන නිලධාරි තුමන් විසින් සිය`ඵ නිලයින් ඇමතීම සිදුකරනු ලැබීය. පසුව එදින රාත්‍රියේ සියලුම නිලයන් එක්රැස් වීමෙන් ඔවුන්ගේ ඒකාකාරී බවයෙන් මිදීම සඳහා කඳවුරු පරිශ්‍රයේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමෙන් දිනය අවසන් විය.