Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th March 2025 07:02:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ශාඛාව හා විවිඒ එක්ව සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාග වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 මාර්තු 18 වන දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන විශේෂ විමර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද අතර, නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු පරිත්‍යාගශීලීන් 118 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදි සෑම රුධිර පරිත්‍යාගශීලියෙකුටම පලතුරු පැළයක් ප්‍රදානය කිරිමක් ද විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකා යුද හමුදා විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩිසි, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, නිලධාරිනියන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ, එමෙන්ම ජාතික රුධිර පාරවිලයන සේවය සහ යුද්ධ හමුදා රෝහල (CBO) විසින් මෙම අවස්ථාව සඳහා වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.