Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st March 2025 07:53:03 Hours

කර්නල් සේනාවිධායක තුමන්ගේ පොහේබපුපා නිල සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක තුමන් වන මෙජර් ජෙනරාල් යුඑල්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 15 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වන ලදි.

එම අවස්ථාව සඳහා එක් වූ කර්නල් සේනාවිධායක තුමන් කඳවුරු පරිශ්‍රය, සරඹ භූමිය, කායවර්ධනාගාරය, කාන්තා සෙබලියන්ගේ භඨ නිවාසය, සලාක ගබඩාව සහ මුළුතැන්ගෙය, කෝප්‍රල් සමාජ ශාලාව, ආපන ශාලාව, බේකරිය, වෛද්‍ය පරීක්ෂණාගාරය සහ පාඨමාලා සිසුන්ගේ නේවාසික ස්ථාන ඇතුළුව එහි සංචාරය කරන ලදී. පසුව පොහේබපුපා සහ 2 ශ්‍රීලයුපොහේබ හි භට පිරිස් ඇමතු කර්නල් සේනාවිධායක තුමන් පොහේබපුපා වෙත ඔහුගේ පැමිණීම සනිටුහන් කිරීම සඳහා පැළයක් ද රෝපණය කරන ලද අතර, ඉන් අනතුරුව සමරු සටහන් පොතෙහි අත්සන් තබන ලදි.

මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන් හා සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදි.