Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

18th March 2025 22:50:15 Hours

කර්නල් සේනාවිධායක තුමන්ගේ ඒකක සංචාරය - 2 වන යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මෙජර් ජෙනරාල් යුඑල්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 15 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය වෙත නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන ලදි.

ඒ අනුව එදින එම ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්එල්කේ ජයතිස්ස එල්එස්සි විසින් කර්නල් සේනාවිධායක තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අභිමානවත් කදවුරු මුරයක් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනමන ලදි.

එමෙන්ම සියලු නිල සමූහ ඡායාරූපයක් ලබා ගැනීමෙන් පසු එම සංචාරය සිහිවීම සදහා පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම ඒකකය යටතේ රාජකාරි කරනු ලබන හා යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි රාජකාරි නිරත සියලු නිලයින් ඇමතීමක්ද සිදුකරන ලදි.

ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලද අතර පසුව සමරු සටහන් පොතෙහි අත්සන් තබන ලදි.