14th March 2025 22:15:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 35 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තම ජීවිත පරිත්‍යාගයන් සිදු කළ රණවිරුවන් හට උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු 14 වන දින 2 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය ගිරිතලේ රණවිරු ස්මාකරය ඉදිරිපිටදි පවත්වන ලදි.
මෙම උත්සව අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේඛම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක තුමන් වන මේජර් ජෙනරාල් යුඑල්ජෙඑස් පෙරේරා ආර්එස්පි යුඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ආර්ඩි සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, මධ්‍යස්ථාන සේනාවිධායක එම්එම්එම්පි මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් නිලධාරිනියන්, සෙසුනිලයින් හා මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතීන් පිරිසක් සහභාගි වන ලදි.