18th March 2025 21:49:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 17 වන සේනාවිධායක වශයෙන් අයි ආර් හන්තානෙආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 14 වන දින යෙදුන සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
පළමුව පොහේබපුපා ප්‍රධාන උපදේශක මේජර් එච්එම්සීසී සූරියබණ්ඩාර යූඑස්පී විසින් නව සේනාවිධායක තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, එම උත්සව අවස්ථාව සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් සහ අනෙකුත් වැඩසටහන් වලින් සමන්විත විය.