18th March 2025 21:37:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ 16 වන සේනාවිධායක වශයෙන් රාජකාරි කරන ලද බ්‍රිගේඩියර් ජේඑස් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු මස 9 වන දින සිය ධුරයෙන් නික්ම යන ලදි.
නික්ම යන පුහුණු පාසල් සේනාවිධායක බ්‍රිගේඩියර් ජේඑස් මුණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන උපදේශක මේජර් එච්එම්සීසී සූරියබණ්ඩාර යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, එම උත්සව අවස්ථාව සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක්, සම්මාන පෙළපාලියක් ඇතුළු අනෙකුත් වැඩසටහන් වලින් සමන්විත විය.