Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st March 2025 18:52:48 Hours

QR ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත හඳුන්වාදීම

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සුභ සාධක වෙළදසැල් හි ගෙවීම් කටයුතු විධිමත් කිරිම වෙනුවෙන්, ලංකා බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව QR කේත භාවිතා කිරිම 2025 පෙබරවාරි 28 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා RSP USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිම සිදුකරන ලදි.
මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද ගෙවීම් පද්ධතිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා හේවා බලකාය තුළ සුභසාධන පහසුකම් නවීකරණය කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර එමඟින් සාමාජිකයින්ට වැඩි පහසුවක් සහිතව හා ආරක්ෂිතව ගෙවීම් කටයුතු සිදුකිරිමට හැකිවනු ඇත.