11th March 2025 18:10:11 Hours
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 මාර්තු 7 වන දින විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම උත්සවය ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ULJS පෙරේරා RSP USP nps psc සහ ශ්‍රී ලංකා හමුදා හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ වූ අතර, Forever (Pvt) Ltd හි නිර්මාතෘ සහ සභාපතිනි චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් රූපලාවන්‍ය සහ සංස්කෘතික දැනුවත්භාවය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි. මෙම අවස්ථාවට සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය, සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් 24 දෙනෙකු, කාන්තා නිලධාරිනියන් 10 දෙනෙකු, කාන්තා අධිකාරී නොලත් නිලධාරිනියන් 17 දෙනෙකු සහ අධිකාරී නොලත් නිලධාරීන්ගේ භාර්යාවන් 18 දෙනෙකු ඇතුළු කාන්තාවන් 70 කට අධික පිරිසක් සහභාගී වූහ.