Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th January 2025 18:15:42 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ඉරේෂා පෙරේරා මහත්මිය 2025 ජනවාරි 16 වන දින ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
ආගමික වතාවත් මධ්‍යයේ නව සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින් සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. පසුව, සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. රැස්වීම අතරතුර, වැදගත් කරුණු රාශියක් සමාලෝචනය සඳහා ගනු ලැබූ අතර ඉදිරි මාසය සඳහා යෝජිත සැලැස්ම සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.