Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th September 2024 13:27:25 Hours

අන්තරායකර ඖෂධ, එහි බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැළැක්වීමට අදාළ නීති පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය

අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ නීති පිළිබඳ සමකාලීන දැනුවත් කිරීමේ දේශනයක් යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. .
මෙම දේශණය විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, මේ සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරි සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදි. එමෙන්ම, මෙම දේශණය මාර්ග ගත තාක්ෂණය ඔස්සේ මුලු දිවයිනම ආවරණය කරමින් විසුරුවාහැරීමට කටයුතු කරන ලදි.