Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

13th September 2024 23:54:51 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාය රිදී පදක්කම්ලාභියාට සුභ පැතුම්

2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවෙන් පැරාලිම්පික් රිදී පදක්කම්ලාභී S/678878 බලලත් නිලධාරි II දුලාන් කොඩිතුවක්කු වෙත ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. 5 වන රෙජිමේන්තුව නියෝජනය කරන මෙම සුවිශේෂී මලල ක්‍රීඩකයා, 2024 සැප්තැම්බර් 2 වන දින හෙල්ල විසිකිරීම F44 කාණ්ඩයේ විශිෂ්ට දක්‍ෂතාවක් ප්‍රදර්ශණය කරන ලදි..

මෙම ඓතිහාසික ජයග්‍රහණය සැමරීම සඳහා 2024 සැප්තැම්බර් 12 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ RWP RSP Hdmc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සංවිධානය කරන ලදි. මේ සඳහා බලලත් නිලධාරි 11 දුලාන් කේඒඑස් ගේ බිරිඳ සහ ඔහුගේ පුහුණුකරු සහභාගි වල ලදි.

මෙහිදි තත් බලලත් නිලධාරි විසින් ලබා ගන්නා ලද ජයග්‍රහනය වෙනුවෙන් සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදි.