Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th May 2024 17:38:21 Hours

විනයාරක්‍ෂකාධිපතිගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩීසී 2024 මැයි මස 22 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - ගල්කුලම කඳවුරෙහි සංචාරයක නිරත විය. එතුමන් විසින් විනයාරක්‍ෂකාධිපති තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු මෙම ඒකකය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 3 ශ්‍රීලයුපොහේබ ඒකක අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් එම්ඩීඑස්යුකේ වීරසිංහ යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි. ඉන් අනතුරුව විනයාරක්‍ෂකාධිපති තුමන්ගේ සංචාරය සනිටුහන් කිරීම සදහා සමූහ ඡායාරූපයක් ලබාගැනීම හා පැළයක් රෝපණය කිරීම සිදුකරන ලදි. අනතුරුව ඒකක අණදෙන නිලධාරි විසින් ඒකකයෙහි වත්මන් තත්වය පිළිබද සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලද අතර, එහිදී 3 ශ්‍රීලයුපොහේබ යටතේ රාජකාරි කරනු ලබන සියලුම නිලධාරින් සමග විනයාරක්‍ෂකාධිපති තුමන් විසින් සුහද සංවාදයක නිරත විය. අනතුරුව විනයාරක්‍ෂකාධිපති තුමන් විසින් සියළු භඨ පිරිස් අමතා යුද්ධ හමුදා පොලිස් රාජකාරි වෘත්තිමය ආකාරයෙන් ඉටුකිරීම සබැදි හරවත් දේශනයක් පවත්වන ලද අතර ඉන් පසුව සියළු නිල තේ පැන් සංග්‍රහය සදහා සහභාගි වන ලදි. අවසන් වශයෙන් විනයාරක්‍ෂකාධිපති තුමන් විසින් සමරු සටහන් පොතෙහි සටහන් මෙම ඒකක සංචාරය පිළිබදව සටහනක් තබා වැඩසටහන නිමා කරන ලදි.