Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st May 2024 16:59:28 Hours

විවිධ පැමිණිලි ලබා ගැනීම සහ එම පැමිණිලි විභාග කිරිමේ පාඨමාලාව

කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව මෙම රෙජිමේන්තුව වෙත අයත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 62 දෙනෙකු සඳහා විවිධ පැමිණිලි ලබා ගැනීම සහ එම පැමිණිලි විභාග කිරිම සබැඳිව පුහුණු වැඩසටහනක් 2024 මාර් තු මස 25 සිට 2024 අප්‍රේල් මස 29 දක්වා පවත්වන ලදි.
මෙම පුහුණු වැඩසටහන සඳහා දේශන සහය මෙම රෙජිමේන්තු දේශකයින් සිවිල් දේශකයින්ගේ හා පොලිස් ස්ථානයන් හි දේශකයින් විසින් ලබා දෙන ලදි. මෙම පුහුණු වැඩසටහනේ අවසන් දේශණය කර් නල් සේනාවිධායක විසින් සිදුකල අතර වැඩසටහන සඳහා සහභාගී වු අයවලුන් සඳහා සහතිකපත් ලබාදෙන ලදි.